Wednesday, October 4

Entertainment

ධනපතියන්ගේ හිස්- පිළිකුල්- කැත ජීවිතේ! Triangle of Sadness
Entertainment

ධනපතියන්ගේ හිස්- පිළිකුල්- කැත ජීවිතේ! Triangle of Sadness

අපි කතා කරන්න යන රූබන් ඔස්ට්ලන්ඩ් කියන ස්වීඩිෂ් ඩිරෙක්ටර්ගේ ට්‍රයිඈන්ගල් ඔෆ් සෑඩ්නස් ෆිල්ම් එක, ලොකු ඛේදවාචකයක් එක්ක ගැටගැහිච්ච ෆිල්ම් එකක්. උසස් සිනමාව තුළ ඉහළම සම්මානය වන කාන් සිනමා උළෙලේ පාම් දෝ සම්මානය 2022 දී ලැබූ චිත්‍රපටිය මේක වුණත්, මේ කියන ඛේදවාචකය සහ චිත්‍රපටිය එකිනෙකින් වෙනස් කරන්න බෑ. චිත්‍රපටියෙ රඟපෑව ප්‍රධාන රංගන ශිල්පිනිය හරියටම චිත්‍රපටිය ප්‍රදර්ශනය වෙන්න ඔන්න මෙන්න තිබියදී ජීවිතයෙන් සමුගැනීම පිළිබඳ ඛේදවාචකයක්. ඇය චාර්ල්බි ඩීන් කියන තරුණ, විශිෂ්ඨ රංගන ශිල්පිනිය. අසනීපයකින් රෝහල්ගත කරපු ඇය, ඉක්මනින් අසාධ්‍ය තත්වයට පත්වෙලා හදිසියේ මියගියාලු. ඒ එක්කම තමයි මේ චිත්‍රපටිය රිලීස් වුණේ. කාන් සම්මාන උළෙලේ ප්‍රදර්ශනයෙන් පස්සේ, චිත්‍රපටියට විනාඩි අටක් තිස්සේ ප්‍රේක්ෂකයන් නැගිටලා ඔල්වරසන් නැගුවාලු. මේකේ කතාව සරල භාෂාවෙන් කීවොත්, යොත් බෝට්ටුවක නිවාඩුවකට යන ධනවතුන් පිරිසක...
Koi Mil Gaya චිත්‍රපටයෙන් මාව කපලා දාලා තිබුණා.. මගේ බලාපොරොත්තු සුන්වුණා.. ඒ නිසා මම බොලිවුඩ් අතහැරියා… -රජත් බේඩි-
Entertainment

Koi Mil Gaya චිත්‍රපටයෙන් මාව කපලා දාලා තිබුණා.. මගේ බලාපොරොත්තු සුන්වුණා.. ඒ නිසා මම බොලිවුඩ් අතහැරියා… -රජත් බේඩි-

රජත් බේඩි කියන්නේ බොලිවුඩ් සිනමා රසිකයන්ට හුරුපුරුදු මුහුණක්. ඔහු The Hero: Love Story of a Spy, Koi… Mil Gaya, Hera Pheri, Vaah වැනි විවිධ ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑම් කළා. කොහොම වුණත් රජත් බේඩි පසුගිය වසර කිහිපයේ බොලිවුඩ් රිදී තිරයෙන් ඈත් වෙලා හිටියා. ඔහු බොලිවුඩයෙන් ඈත් වුණේ ඇයි දැයි පැහැදිලි කරමින්, යූටියුබ් නාලිකාවකට (මුකේෂ් ඛන්නාට) සම්මුඛ සාකච්ඡාවක් අතර තුර පැවසූවා. ඔහු රඟපෑ සමහර චිත්‍රපටවල වැඩ කිරීමේ එතරම් ප්‍රසන්න නොවන අත්දැකීමක් ගැන ඔහු එහිදි කතා කළා. ඒවායින් වඩාත් ප්‍රසිද්ධ වන්නේ ප්‍රීති සින්ටා සහ රිතික් රෝෂන් රඟපෑ Koi… Mil Gaya විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය ගැනත් ඔහු කතා කරලා තිබුණා. Koi… Mil Gaya චිත්‍රපටයේ රජත් බේඩි ප්‍රධාන දුෂ්ඨයා විදියට රාජ් සක්සේනාගේ චරිතය රඟපෑවා. සම්මුඛ සාකච්ඡාවේදී රජත් බේඩි හෙළි කළේ චිත්‍රපටයේ ඔහුගේ දර්ශන කිහිපයක් කපා දමලා තිබෙන බව , ...