තරිදු උඩුවරගෙදර

මුලින් දිලිත් ජයවීර ඇවිත් කීවේ හරිනි අරමරසූරිය හරි ලාංකික කාන්තාවක් නෙවෙයි කියලා. හරිනි ඉංග්‍රීසියෙන්ලු හිතන්නේ. ඊට පස්සේ ඔන්න හරිනි ගැහැණු කෙනෙක්ට තනතුරක් දුන්නා කියලා අලුතෙන් සෙට් එකක් වැළලෙන්න හදනවා.
දේශපාලන නායකයන්ට හා නායිකාවන්ට පෞරුෂයන් තිබිය යුතුයි. පෞරුෂයන් ගොඩනැගෙනවා. ඒ ඒ පෞරුෂයන් ප්‍රතිවාදීන්ට ලොකු ගැටලුවක්. ඒ පෞරුෂයන් විනාශ කිරීමට විවිධාකාර දේවල් ඔවුන් කරනවා. යම් දේශපාලන ව්‍යාපාරයක ඉන්න නායකයන්ගෙ පෞරුෂය රැකගන්න එක ඒ දේශපාලන ව්‍යාපාරයෙ වැඩක්. ඒකට හැකියාවයි වුවමනාවයි ජාතික ජන බලවේගයට ඇති. ඒත්, හරිනිගේ පෞරුෂය විශේෂයි. ඒක රැකගැනීමේ යම්කිසි වගකීමක් පොදුමහත් සමාජයට තියෙනවා. මොකද, ඇය අගමැතිනිය බවට පත් වූ කාන්තාවක්. ඇගේ පෞරුෂයේ ගති ලක්ෂණ වැදගත් වන්නේ පොදුවේ කාන්තා සමාජයටමයි.
දේශපාලනය තුළ සිටින පිරිමින්ට වඩා, කාන්තාවන් අපහාසයට ලක් වෙන්නේ ඉතාම දරුණු විදියට. කාන්තාවක් යම්කිසි තත්වයකට ළගා වූ පසු, ප්‍රහාරය එල්ල වෙන්නේ ඒ තනි කාන්තාවට විතරක් නෙවෙයි. සමස්ත ස්ත්‍රීත්වයට.
විශේෂයෙන් සමාජයේ අගතිගාමී ගති ලක්ෂණ නිසා, කාන්තාවකට අභියෝගයක් වෙන්නේ තමන්ගේ ගැහැණුකමම තමයි.
එම නිසාම, සමාජයක් විසින් දේශපාලන පක්ෂ, කණ්ඩායම් අභිබවා කාන්තාවන් එක්ක සහයෝගයෙන් හිටගැනීමේ අවශ්‍යතාවකුත් තියෙනවා. හරිනි අමරසූරිය වගේම අනෙකුත් දේශපාලන පක්ෂවල සිටින කාන්තාවන්ට පවා යම් යම් අඩුපාඩු තිබියදී වුව සහයෝගය ලබා දිය යුතුයි.

කෙසේ වෙතත්, හරිනි අරමරසූරියට පහර දීම ලෙහෙසි නැහැ. හරිනි ආවේගශීලීව කතා කරන්නේ නැහැ. ආන්දෝලනාත්මකව කතා කරන්නේත් නෑ. දැන් හරිනිට ‘පහර දෙන්න‘ කියලා කියන කතාව තමයි හරිනි සමකාමී බව. හරිනි ලෙස්බියන් බව. ඇය එහෙම කතාවක් ප්‍රසිද්ධියේ කියලාත් නෑ. අපි මේ සටහනේදී ලෙස්බියන් කියන වචනය විවෘතව සහ කිසි වක්‍ර හැගවීම් නැතිව පාවිච්චි කරන්නේ ඒක වචනයෙන් කියන්න බැරි ලෙඩක් නොවන නිසා. ඒ වගේම, හරිනි ගැන යන කතාන්දරයේ පදනම වෙන මොකක්වත් නෙවෙයි, ඇය ලෙස්බියන් හෙවත් කාන්තාවන්ට ආදරය කරන කාන්තාවක්ය කියන එක නිසා.
අගමැති හරිනිත් රනිල්ගේ අඩි පාරේ යයි කියලා ලියා තිබුණා. අනුර කුමාර දිසානායක පෞද්ගලික හිතමිතුරන්ට තනතුරු දෙන්නේ නැති බව කීවාලු. ඒත්, හරිනි අමරසූරිය තමන්ගේ හිතවතියකට තනතුරු දුන්නාලු. හසානා සේගු නම් වූ ඇය සන්ධාන ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙකුගේ දුවක්ලු.
‘රනිල් වික්‍රමසිංහ තම සමීප මිතුරන් වන සාගල රත්නායක වැන්නන්ව වැදගත්ම තනතුරු දීමට වසර ගණනාවක් තිස්සේ ක්‍රියා කළා සේම හරිනි අගමැතිනියද මෙලෙස අත්තනෝමතික ලෙස ඉතා කණගාටුදායක බව බොහෝ දෙනෙකුගේ අදහසයි.‘ කියලා නිව්ස් පීඩියා කියන අදාල ෆේස්බුක් පිටුවේ ලියා තිබුණා.
ඒකේ හරිනි විසින් හසානාව වැළදගෙන සිටින ඡායාරූපයක්ද දාලා තිබුණා.
මේ ප්‍රවෘත්තිය පිළිකුල් සහගත එකක් වන්නේ එහි වචනයකින්වත් නොකීවාට ප්‍රවෘත්තියේ ඡායාරූපයෙන් සහ රනිල් සහ සාගල සමග සමානකම් ඉස්මතු කිරීමෙන් අපේක්ෂා කර ඇත්තේම වක්‍රව සමකාමී සම්බන්ධයක් හෙළිදරව් කිරීම වීමයි.
ඒ වගේම මේ ප්‍රවෘත්තිය හෝ ප්‍රකාශය කිසිසේත්ම හරිනිට අපහාසයක් වන්නේ නැහැ. ඒ වෙනුවට මෙම ප්‍රවෘත්තිය අපහාසයක් වන්නේ සුවහසක් ලෙස්බියන් කාන්තාවන්ට. ඒ වගේම අනෙකුත් ලිංගික ප්‍රජාවන්ට.
මොකද, තවමත් මේ අය හිතාගෙන ඉන්නේ කාටහරි මඩ ගහන්න ඕනෑ වුණාම පාවිච්චි කරන්න පුළුවන් දෙයක් විදියට. සමාජයේ කොන් වෙන්න ඕනෑ, සරලවම ගත්තොත් අගමැති ධුරයට නුසුුදුසුකම් තියෙන දෙයක් විදියට. අපට කියන්න තියෙන්නේ ඒ කාලය ඉවරයි. 2020 ජනාධිපතිවරණයේදී ඩ්‍රිමොක්‍රට් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වූ පීට් බුඩිජෙග් කියන අපේක්ෂකයා හෙවත් මේයර් පීට් ප්‍රසිද්ධ සමකාමියෙක්. ඔහු 2020 මුල් අදියරේ අපේක්ෂකයා තෝරන මැතිවරණ ක්‍රියාවලියේදී අවධානය දිනා ගත්තා. අයර්ලන්තයේ උප ජනාධිපති, ලක්සම්බර්ග්වල අගමැති වගේම බර්ලිනයේ හිටපු නගරාධිපති, අයිස්ලන්තේ හිටපු අගමැති ආදී දේශපාලනඥයන් බොහොමයක් ප්‍රසිද්ධියේ සමකාමීන් විදියට පෙනී සිටින අය.
ඉතින්, හරිනිගේ අනන්‍යතාව මොකක් වුණත් අවුල මොකක්ද? හරිනි අමරසූරිය කියන්නේ හරිනි අමරසූරිය ඇයව මනින්න පුලුවන් වෙන්නේ ඇය කරලා තියෙන වැඩ සහ කරන්නට තියෙන වැඩ අනුව.
අප මීට කලින් ඉදන් අවස්ථා කිහිපයකදී සාගල රත්නායක සහ රනිල් එකට ඉන්න ඡායාරූප රනිල්ව විවේචනය කරන අවස්ථාවලදී යොදාගෙන තිබෙනවා. ඒ ගැන යමක් කිව යුතුයි. අපට රනිල් ගැන තියෙන ගැටලුව ඔහුගේ ලිංගික අනන්‍යතාව නෙවෙයි. මිට කලින් 2018 දී රනිල් වික්‍රමසිංහව හෑල්ලු කරන්නට මෛත්‍රීපාල සිරිසේන විසින් සමනල කතාවක් කීව වෙලාවේ අපි දැඩිව ඒකට පිළිකුලෙන් විරුද්ධ වුණේ ඒකයි. රනිල්ට විවේචන කරන්න හේතු ඕනෑ තරම් තියෙනවා. ඔහුට තියෙනවායැයි උපකල්පිත ලිංගික අනන්‍යතාව ඒ විවේචනයට පදනමක් නෙවෙයි.
දේශපාලනයේදී බොහෝ අය අදහනවා රනිල් වික්‍රමසිංහ සමකාමී කෙනෙකු බව. හැබැයි, රනිල් වික්‍රමසිංහ කාන්තාවක් සමග විවාහ වී දීර්ඝ කාලයක් තිස්සේ විවාහ ජීවිතයක් ගත කර තිබෙනවා. ඔහු දරුවන් බිහි කර නැහැ. රනිල්ගේ ඔය පුද්ගලික කාරණා ඔහුට අයිති පුද්ගලික දේවල්. ඔහුත්, ඔහුගේ පවුලේ උදවියත් ඔහු එක්ක කරන ගනුදෙනුව පමණයි අපට අදාල. එහෙත්, රනිල්ගේ පුද්ගලික සම්බන්ධය අදාල වූ එක් තැනක් වන්නේ බටලන්ද වාර්තාවට අනුව අබිරහස් ලෙස මරණයට පත් වූ රෙජිනෝල්ඩ් වින්සන්ට් ප්‍රනාන්දු රනිල්ගේ පෙම්වතෙක්ද යන්නත්, එයින් පසු රනිල් වික්‍රමසිංහ සිය බලය අවභාවිත කරමින් පෙම්වතුන්ට විවිධාකාර බලතල, වරප්‍රසාද හා පහසුකම් ලබා දුන්නාද කියන තැනදී පමණයි. ඒ වගේම රනිල්ට යම්කිසි විවේචනයක් කරද්දී සාගලව සම්බන්ධ කරගන්නවා නම් එය කරගත හැක්කේ සාගල සහ රනිල් දේශපාලනඥයන් විදියට නරක නිසායි. ඒ විදියටම මහින්ද හා ශිරන්ති දෙන්නාව විවේචනය කරන්නත් පුළුවන්. සජිත් හා ජලනි ගැන වුණත් එවැනි විවේචනයක් කළ හැකියි.

කෙසේ වෙතත් කාන්තාවන්ට මඩ ගැසීම්වලදී මෙවැනි අපහාසවලට අමතරව ‘මත්පැන් බීම‘, ‘වෙලාවට වැඩ නොකිරීම‘ හා වෙනත් ‘දුසිරිත්‘ ගැන චෝදනා ගොඩක් එල්ල වෙනවා. කාන්තාවක් නම් සැමියෙකට දාව, චරිතයෙන් යුක්තව හිස පාත් කරගෙන සිටිය යුතුයි.
මෑත ඉතිහාසයේ හිටපු දේශපාලන නායකයන් හා නායිකාවන් අතර නවසීලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩෙන් දෙඅගය කළ හැකි ගති ලක්ෂණ ගොඩක් තිබුණු කාන්තාවක්. අනෙක් දේවල් පසෙක දැම්මත් හදිසි කලබල අවස්ථාවලදී ඇගේ පෙනී සිටීම් හරිම ආරක්ෂණීයයි. එම නිසාම හරිනිගේ ජනප්‍රියත්වයත් යම් දුරකට ආර්ඩෙන්ගේ ජනප්‍රියත්වයට සමාන කළ හැකියි.
ඇත්තටම ආර්ඩෙන් අවිවාහක කතක්ව සිටියා. ඇය තමන්ගේ පෙම්වතාට දාව දරුවෙක් බිහි කළා. මේවා බටහිර ක්‍රිස්තියානි හෝ කතෝලික සම්ප්‍රදායන් තුළ පවා විවේචනයට ලක් විය හැකි දේවල්. ඒත්, ඇය ඒවා හැංගුවේ නෑ.
හරිනිගේ ලිංගික අනන්‍යතාව හරිනිගේ පුද්ගලික දෙයක්. අනාගතයේදී ප්‍රසිද්ධියේ සමකාමී හෝ වෙන ඕනෑ ලිංගික අනන්‍යතාවකට අයිති ගැහැණියක් දේශපාලන නායකත්වයකට එන්න ඉඩ තියෙනවා. විවිධ ජාතීන්ට අයිති ගැහැණුන්, තනිකඩ ගැහැණුන් දේශපාලනයට එන්න ඉඩ තියෙනවා.
හරිනි සමකාමී නම් ඇත්තටම ඒක ලංකාවට ආඩම්බරයක්. ඇය එහෙනම් ලෝකයේ හරිම දුර්ලභ ගණයේ නායිකාවක් වේවි. හරිනි තනිකඩ කාන්තාවක් විදියට මෙතරම් දුර පැමිණීමත් බොහෝ කාන්තාවන්ට ආදර්ශයක් සහ ආඩම්බරයක්. විවාහය කියන සාම්ප්‍රදායික සම්බන්ධය හෝ පිරිමින්ගෙ සහාය ගැහැණුන්ට ඕනෑ නැහැ. අතීතයේ සිට හරිනි කතාබහ කළ විදිය, සිනහවුණ විදිය සහ ඇගේ අංග රටාවන් පවා ආඩම්බර හිතෙන්න ඕනෑ හරි ලස්සන දේවල්. ඇය අපි හැමෝගේම අක්කා කෙනෙක් වගේ. මිත්‍රශීලී වැඩිමහල් සහෝදරියක් වගේ.
හරිනි සහ අපි එක දේශපාලන කදවුරක නැහැ. ඒත්, අපි ඉන්න දේශපාලන කදවුරේ අපට සමීපව දේශපාලනය කරනවා මේ වගේම අතිප්‍රබල කාන්තා පෞරුෂයන් කිහිපයක්. අපි හොදටම දන්නවා ඒ කාන්තාවන් කොච්චර වැදගත් භූමිකාවක් කරනවාද කියන එක. අරගලයේදීත්, එයින් පසු වැඩ කරන්නට ලැබුණ සංවිධාන සහ එකතූන් හැම එකේදීමත් සහෝදරියන්, ගැහැණුන් කරලා තියෙන භූමිකාව මාරයි.
හරිනිගෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජනලවේගය කියන පක්ෂයේ එක ගැහැණියකගේ දේශපාලනය නෙවෙයි. හරිනි පෙන්නුම් කරන්නේ බොහෝ ගැහැණුන්ට දේශපාලනය කරන්නට තියෙන ඉඩ. හරිනි අයත් වන්නේ විශාල ස්පේස් එකකට. දේශපාලන ව්‍යාපාරවලට ගැහැණුන් ඕනෑ. සහෝදරියන් ඕනෑ.
අපි හරිනිව මොනා වුණත් රකිනවා වගේ කීවොත් ඒක මහ බොළද දේශපාලන මතයක් වෙන්න පුළුවන්. හැබැයි, හරිනි නියෝජනය කරන කාන්තා දේශපාලන අවකාශය රකිනවා කියන එක වැදගත්.
කෙසේ වෙතත් හරිනි වර්ණනාව ඇති. අපි හරිනි පිහිටලා ඉන්න දේශපාලන ස්ථානය ගැනත් යමක් කිව යුතුයි.
හරිනිගේ දේශපාලන පැවැත්ම අවදානමකට ලක් වෙන තැනුත් තියෙනවා. අපි හැමෝම දන්නවා ජාතික ජන බලවේග දේශපාලනය තුළ ජනතා විමුක්ති පෙරමුණ කියන දේශපාලන පක්ෂය සහ ජාතික ජන බලවේගයට පසුව එකතු වූ කණ්ඩායම් කියලා දෙකක් සිටින බව. ඒ දෙක අතර ගැටුමක් තියෙනවාලු, උණුසුමක් තියෙනවාලු, ටෙන්ෂන් එකක් තියෙනවාලු ආදී කතාන්දර දේශපාලනය තුළ අපට ඇහෙනවා. හැබැයි, එහෙම එකක් ගැන දැනට කිසිම සාධකයක් නෑ. ඔවුන් කැම්පේන් එකක් කරලා ආණ්ඩුවක් ගත්තා. දැන් මහ ඡන්දෙකට ලෑස්ති වෙනවා. නාමයෝජනා ලැයිස්තු දෙනකොටත්, පත්වීම් ලබා දෙනකොටත් ආදී ලෙස යම් යම් අවස්ථාවල වාද විවාද ඇතත් ඔවුන්ගේ අභ්‍යන්තර බෙදීමක් හෝ ගැටුමක් නැහැ.

එහෙත්, මතක තබාගත යුතුයි හරිනි නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි, එයට පිටින් එකතු වූ තනි තනි සිවිල් ක්‍රියාකාරීන්ව. ජනතා විමුක්ති පෙරමුණ වාමාංශික දේශපාලන පක්ෂයක් වුණත් හරිනි හෝ ඒ සිවිල් ක්‍රියාකාරීන් අයත් වන්නේ වමටම නෙවෙයි. හරිනි වාගේම ඉදිරියේදී කැබිනට් එකට එකතු වීමට නියමිත තනි තනි පුද්ගලයන් විශාල පිරිසක් සිටිනවා. ඒ වගේම බාහිර සමාජයේ අයත් හරිනිට කැමති වෙන්නට හේතුව ඇය කාන්තාවක් වීම යනාදී ධනාත්මක හේතු පමණක් නොවෙන්න පුළුවන්. සමහරු හිතන්න ඉඩ තියෙනවා හරිනිලා වගේ අය විසින් ජනතා විමුක්ති පෙරමුණ කියන වාමාංශික දේශපාලන පක්ෂය යටපත් කරන්න පුළුවන්ය කියන එක.
දේශපාලනයේදී තනි පුද්ගලයන් ඉස්මතු වී තනි පුද්ගලයන්ට වැඩි වටිනාකමක් ලැබෙන එක වළක්වන්නත් බෑ. තනි පුද්ගලයන්ගේ ආකර්ෂණය මත දේවල් දුවන්නේ ඒකාධිපති ආණ්ඩුවල විතරක්ම නෙවෙයි. ඒක ප්‍රතිපත්තිගරුක දේශපාලනයේදීත් සිදුවිය හැකියි. එහෙත්, හරිනිගේ පෞරුෂය නියෝජනය කරන්නේ කුමක්ද? එය නියෝජනය කරන්නේ ඉතාම විසිර ගිය, එක මතයකට සංකේන්ද්‍රගත නොවිච්ච අවිධිමත් ජාතික ජන බලවේගය කියන ඒකකය. ජාතික ජන බලවේගයට දේශපාලන මතවාදයක් නෑ. ‘රට හදමු‘ හෝ ‘රට හදන්න පුළුවන්‘ වගේ අදහස් දේශපාලන මතවාදයක් නෙවෙයි. දෘෂ්ඨිවාදයක් නැහැ. මේ වෙලාවේ පාලක ප්‍රභූන්ට එරෙහිව පෙළගැහිච්ච ඕනෑම කෙනෙක් ජාතික ජන බලවේගය.
ඉතින්! හරිනිගේ කර මත පැටවිලා තියෙන්නේ දැනට පිපිරිලා නැති කාල බෝම්බයක් විය හැකියි. විවිධ මතවාද තියෙන අය ජාතික ජන බලවේගයේ හරිනි තමන්ගේ මතය නියෝජනය කරනවායැයි සෑහෙන බලාපොරොත්තු තබා ඇති. විපක්ෂයේදී ඒ හැම මතයක්ම බැලන්ස් කරන්න පුළුවන්. ඒත්! ප්‍රායෝගිකව ආණ්ඩුවක් කරගෙන යද්දී ඒක කරන්න බැහැ.
හරිනි ආණ්ඩුව ගන්නට කලින් නිර්මාල් රංජිත් දේවසිරි එක්ක සාකච්ඡාවකදී කීවා හැමදේම ජනතාවට විවෘතව කියන්නට බැරි බවක්. දේශපාලනයේදී හරිනිට මතවාදීව අපි දැඩිව විරුද්ධ තැන තමයි ඔතැන. අපි කියන්නේ ජනතාවගෙන් දේවල් හංගන්න හොද නැති විත්තිය.
මතවාද දේශපාලනයේ තියෙන වැදගත්ම දේ තමයි, මතවාද මතවාද වෙන්නේ බලය නැති තාක් කල් විතරයි. ඒ කියන්නේ අපි යූටියුබ් කරන තාක්කල්, විකල්ප ක්‍රියාකාරීන් ලෙස හෝ විද්වතුන් ලෙස හෝ මාධ්‍ය වේදීන් ලෙස හෝ සිවිල් සමාජය වගේ විවිධාකාර තැන්වල සිටින තාක්කල් මතවාද කියන්නේ මතවාද. ඒත්, ආණ්ඩු බලය ගත්තාට පස්සේ මතවාද කියලා එකක් නැහැ. වැඩ කරන්න වෙනවා. ඒ කරන වැඩ විවිධ මතවලින් විග්‍රහ කරන්න පුළුවන්.
උදාහරණයක් ලෙස ආණ්ඩුව ව්‍යවස්ථාවක් හැදුවාට පස්සේ ජාතික ප්‍රශ්නය ගැන, විධායක ජනාධිපති ක්‍රමය ගැන, බලතල බෙදීම ගැන හෝ අනෙක් ඕනෑ දෙයක් ගැන මතවාද ක්‍රියාකාරීත්වයක් බවට හැරෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන හෝ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මතවාද ක්‍රියාකාරීත්වයක් බවට හැරෙනවා. මතවාද කියන්නේ අහසෙ පාවෙන දේවල් නෙවෙයි. මහපොළොව වැඩ කරන විදිය ගැනත්, ඒවා හරියට කරන විදිය ගැනත් ලියැවෙච්ච සංකල්ප. ඉතින්! අනුර- හරිනි ආණ්ඩුව ඉදිරියේදී ගමන් කරන්නේ කුමන මතවාදයේද? ඒක තමයි දේශපාලනික ප්‍රශ්නය.
ආණ්ඩු බලය ගත්තාට පසු කිය කියා ඉන්න දෙයක් නැහැ. වැඩ කරන්න වෙනවා. කරගෙන යද්දී ජනතාවට හැමදේම විවෘත වෙනවා. ඒ ඒ අර්බුද ගැන සහ ඒ ඒ ප්‍රශ්න ගැන ගනු ලබන තීන්දු මොනවාදැයි විවෘතව ජනතාවට නිරාවරණය වෙනවා.
අන්න එහෙම මොහොතක වැඩ කරද්දී එකිනෙකට වෙනස් මිනිස්සුන්ගෙ ආසාවල්, අභිලාශයන් බැලන්ස් කරන්නේ කොහොමද කියා අප බලා සිටිය යුතුයි. ඇත්තටම කාන්තාවක ලෙසත් රටේ අගමැතිනිය ලෙසත් රට බලා සිටිය යුත්තේ හරිනිට වරදිනතුරු නෙවෙයි. ඒත්, අපි බලා සිටිය යුතුයි. එතෙක්, අනවශ්‍ය මඩ ප්‍රහාරවලදී දේශපානලනයේ යෙදෙන සියලු කාන්තාවන් වෙනුවෙන් හරිනිට අවශ්‍ය හයිය රටේ මිනිස්සුන්ගෙන් ලැබීම වැදගත්.

අපි බලන් ඉමු මං හිතන්නෑ ජවිපෙ හෝ npp ය තුල ආකල්ප හෝ මතවාදීමය ගැටුම් ඇති කියලා මොකද ජවිපෙ තමයි npp ගාමක බ්ලවේගය එතකොට දැනටමත් ඔව්න් ගොඩාක් දේවල් ගැන යම් එකගතාවයක ඉන්නේ
අපි කළයුත්තේ ඔව්න්ට එ සදහා බලය ලබාදීමයි අනික හරිනි ලෙස්බියන්ද නැද්ද ඒවානම් අදාලම නැහැ ඒත් පේවරෙශන් පත්වීම් දෙනවානම් ඒවා ප්‍රශ්න කල යුතුයි මොකද ජනතාව බලය ල්බාදෙනුයේ ඔව්න් රටේ යහාපත උදෙසා පමණක් වීම හැබැයි දිලිත්ලා විමල්ලා වගේ පිංපියෝ කියන දේවල්නම් ගනන් ගන්ඩ ඕනේම නැහැ
මඩ ගහල කරගන්නෙ ලොකු පාපයක්
Harini has excellent leadership skills, and she is educated par excellence unlike Dilith who is a businessman. Its sad Dilith resorts to cheap tactics like tarnishing a females character by referring to her as a lesbian.
කියන්න දෙයක් නැති නිසා ඔන්න මඩ ප්රහාරයක්
ගැහැනියකුට අපහාස කරන්න කොන්දක් නැති මිනිසුන් කියා ගන්න උන් මෙවැනි පද යොදා ගන්නවා . මේ චීත්ත වැඩ දැන්වත් නතර කරන්න ඕන
ඕව කියපම් කොන්ඩෙ බැඳපු එවුන්ට…. 🤣🤣🤣
දැන් සමාජෙ ඉස්සර හිටපු එවුන් වගේ නෙමෙයි බං…
ඒව තියාගන්න ඕනේ වෙන රටවල්වල ලංකාවේ උන්ට ආප්ප ගහන්නේ එවුන්ට අගමැතිකම් දෙනවද
Oya vage mada gahana evunta kannadiyak idiriyata gihin manushyayakuta thiyenna one ahaval de thiyenavada kiyala balaa gaththa nam hondayi. Okata kiyanna thiyenne pedili irisiyaava, nuugathkama saha gothrikabaavayayi.
Apita balanna oonaa aga haring ge pawudgalika charryaawan nowe rata gang ayagecharya wanya
මේ website එකේ එකා හදන්නෙ වැරදි මතයක් සමාජෙට දෙන්න.මූ වක්‍රාකාරයෙන් හරිනිට මඩ ගහනව.
බලපන් උඹට ඔය ශාපෙ එන්නෙ නැද්ද කියල.
මේ වගේ මඩ ප්‍රචාරය කරන උන්ගේ ජාතකය සාමාන්‍යයෙන් සිදුවන්නේ උන්ගේ මව්වරු ,උන්ගේ තාත්තා සිටියදීම වෙන මිනිස්සුන්ට දාව ජාතක වීමෙනි. මේ මඩ ප්‍රචාරය කරන උන්ට සහ උන්ගේ පියවරුන්ට මේ හොර සම්බන්ධ කම් ඒ මව් මිය ගියාට පසුව වත් දැන ගන්නට බැහැ.එය එතරම්ම රහසිගතයි . ඒක නිසා මේ වගේ මඩ ප්‍රචාරය කරන උන් දැන ගනිල්ලා උබලා අවජාතක උන් බව.
ගුණෙ අයියගෙ කාමරේ youtube channel එකේ ඔය ගැන වීඩියෝ එක මතක් උනා. වටින අදහස් ටිකක් ගුණෙ අයියත් කියනවා ඔය මාතෘකාව ගැන🩷.
Defamatory
ලෙසිබියන් කැරිබියන් හරි වැඩක් නැනේ වැඩේ වෙනවා නම්
මොකටද.බන්.එයගේ…පවුත්ගලික.ජීවිතේ .අපිට.ඔනේ.මේ.රටට.හොදක්.කරනකෙනෙක්
NPP doesn’t know what a woman is.They think men who call themselves women(trans), can be women.That is why Harini voted for the Trans bill in parliment. They also support the 2127/15 special gazzette of June 12,2019 jathika bauthika salasma – which allows Sri Lanka to be divided among India USA , China to build military bases,domestic airports ,fuelling sea ports, economic corridors joining Colombo and Trincomalee.If they are sgainst the jathika baughika salasma they can repeal the gazzete and stop this nonsense. If they do that I will vote for them.