බොරලැස්ගමුව නගර සභාවට හානි කිරීමේ නඩුවේ තීන්දුව නොවැම්බර් 17 දා

අරගලය සමයේ මැයි මස 9 වැනිදා බොරලැස්ගමුව නගර සභාවට අයත් පොදු දේපළවලට හානි සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ නියෝගය ලබන නොවැම්බර් මස 17 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති අතර, එහි විත්තිකරුවන් ලෙස ඉන්ද්‍රජිත් නිහාල් අතුකෝරළ, සහන් චතුරංග, ප්‍රදීප් සමන්ත, නාමල් දිමුතු කුමාර, ක්‍රිපාන්ත කමලජිත් සහ රුවන් ලක්මාල් යන අය නම් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් 2023 වසරේදී විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා 13 කින් සමන්විත චෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.

2022 මැයි 09 වන දින බොරලැස්ගමුව නගර සභාවට අයත් රුපියල් තුන් ලක්ෂ හැත්තෑ දහසකට අධික වටිනාකමකින් යුත් ජීප් රථයකට, ප්‍රධාන ගේට්ටුවට මෙන්ම දොර ජනේලවලට හානි සිදු කිරීම සහ එහි සේවය කළ නිලධාරීන් 10 දෙනෙකුට පහරදී අඩත්තේට්ටම් කරමින් සාපරාධී බලහත්කාරය පෑම සම්බන්ධයෙන් මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත. ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 146 වගන්තිය සමඟ කියවිය යුතු 344 පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇති බවට අධිචෝදනා ගොනු කර තිබේ.

Author

Leave a Reply

Related Posts