ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විශ්රාමික විනිසුරු වී.කේ. මලල්ගොඩ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරනු ලැබ තිබේ.
ඊට අමතරව කොමිෂන් සභාවේ නව සාමාජිකයන් ලෙස එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්ධන සහ මහාචාර්ය ටී. ජයසිංගම් යන මහත්ම මහත්මීහු පත් කරනු ලැබ සිටිති.
පත්වීම්වලට අදාළ ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (ඔක්තෝබර් 30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් වෙත භාරදී ඇත.
