චරිත් අබේසිංහගේ නිවසත් තහනම්

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක වික්‍රමරත්නගේ බිරිඳගෙන් අල්ලස් ලබා ගැනීමේ සිදුවී සම්බන්ධයෙන් වන නඩුවේ සැකකරුවෙක් වන චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (ඔක්තෝබර් 30) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

ඊට අමතරව එම නඩුවේ තවත් සැකකරුවෙක් වන වරුෂ හැන්දිගේ අරුණ ශ්‍රී චතුරංගගේ බිරිඳට හා පියාට අයත් වාහන දෙකක් අතිහිටුවීමට පියවර ගෙන ඇති බවද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

එම නඩුවේ සැකකරුවකු වන හිටපු ඇමති විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් 4ක් හා සුඛෝපභෝගී වාහන දෙකක් එම කොමිසම මීට පෙර අත්හිටුවා තිබුණි. අපරාධයකින් උත්පාදිත දේපල පිළිබඳ පනත යටතේ එම දේපල අත්හිටුවීම් සිදුකර තිබුණි.

Author

Leave a Reply

Related Posts