Wednesday, October 4

Fashion

දිනෙක සමුගනු පිණිස ස්වාභාවික ඇඳුම් වර්ණක
Fashion

දිනෙක සමුගනු පිණිස ස්වාභාවික ඇඳුම් වර්ණක

මල්වලට හිමි වටිනාකම මනුෂ්‍ය වර්ගය පවතිනතුරු නොනැසී පවතිනු ඇත. තාක්ෂණයෙන් උපරිම දියුණු වූ ලෝකයක වුව, මලක සුන්දරත්වයට විශේෂ ඉඩක් වෙන්වනු ඇත. මලක් හෝ මල් පොකුරක් ත්‍යාගයක් ලෙස ලබාගැනීම කිසි තේරුමක් නැතත්, රසවත් අවස්ථාවකි. ප්‍රදර්ශණයට තබා තිබෙන ප්‍රියතම මල් වර්ගයක් දැකීම හෝ මිතුරෙකුගේ ගෙවත්තක සුන්දර මල් පැලයක් දැකීම මතකයට නඟාගත හැකිය. ඇතැම් විට පුංචි කාලයේ අප පොතක පිටු අතර මල් රඳවා තබාගත් අයුරු මතකයේ ඇත. මේ කතාව සුන්දර මල් පෙත්තක ඇති ජීවය ඇඳුමකට එකතු කරගැනීමේ කලාව ප්‍රගුණ කළ කාරා මාරි පියාසා ගැනය. ඇය නිව්යෝර්ක්හි ජීවත්වෙන්නීය.  අපේ වැඩි අවධානය ඇය වර්ණවත් කළ ඇඳුම් ගැනය. ඇය ස්වාභාවික ක්‍රම පාවිච්චි කරමින් ඇඳුම් වර්ණවත් කරන්නියකි. එයින් රෙදිපිළි නිර්මාණය කරන්නියකි. රෙදිපිළි නිර්මාණය කිරීමේ කලාවක් ලෙස මෑත කාලයේදී ස්වාභාවික වර්ණ ගැන්වීම් ජනප්‍රිය වෙමින් පවතී. පොතක පිටු අතර සිරවී මැලවී ...
වත ඊයම් කළ මහරැජිණ
Fashion

වත ඊයම් කළ මහරැජිණ

පළවැනි එළිසබෙත් රැජිණ (1558-1603) ලෝක ඉතිහාසයේ ප්‍රසිද්ධම රැජිණක්. කන්‍යා රැජිණ, ග්ලෝරියානා වැනි නම් ගණනාවකින් ඇයව හැඳින්වුණා. ඇය රූපවාහිනී හා සිනමා තිරවල ප්‍රතිනිර්මාණය වූ අවස්ථාත්, ඉතිහාසයේ ඇයට හිමි තැනත් ඇය ගැන ඇති කතාන්දරත් සැලකූ කල ඇය දෙවැනි වනු ඇත්තේ ක්ලියෝපැට්රා රැජිණට පමණයි. ඒ තරම් ඇය ඓතිහාසිකයි. කොටින්ම කීවොත් ඇය නොසිටියානම් ලංකාවේ ඉතිහාසයත් මීට වඩා වෙනස් වෙන්නට ඉඩ තිබුණා. බි‍්‍ත්‍රාන්යන් ලංකාවට එන්නට පදනම වූ බි‍්‍ත්‍රාන්‍ය දේශ ගවේෂණයේ වැදගත්ම අවස්ථා රැසක් උදාවුණේ එළිසබෙත් රැජිණගේ කාලයේදීයි.  ඇය ඓතිහාසිකව සුවිශේෂී රැජිණක් වන්නේ ඇය ලැබූ ජයග්‍රහණ නිසායි. 1588 දී එවකට යුරෝපයේ ශක්තිමත්ම නාවික බලය හෙබවූ ස්පාඤ්ඤයේ නාවික හමුදාව හෙවත් ආමාඩාව එංගලන්තය ආක්‍රමණය කරන්නට එද්දී ස්පාඤ්ඤ ආමාඩාව මුහුදේදී පරාජය කරන්නට බිත්‍රාන්‍ය නාවික හමුදාව සමත්වුණා. 17 වැනි සියවස වෙද්දී ස්පාඤ්ඤය පරාජය කර...
ඌව පළාතේ සේවකයන්ගෙන් විලාසිතා දැක්මක්
Fashion

ඌව පළාතේ සේවකයන්ගෙන් විලාසිතා දැක්මක්

ඌව පළාත් සභාවේ නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ සහභාගීත්වයෙන් විලාසිතා ප්‍රදර්ශනයක් බදුල්ල පුරහලේදී ජුලි 06 වැනිදා පවත්වා තිබුණා. එහිදී ඌව පළාත් සභාවේ සේවය කරන අය නිරූපිකාවන් සහ නිරූපකයන් ලෙස ඉදිරිපත් වී සිටියා. මෙය ඌව පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සහ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ යෙදී සිටින කාර්මිකයන් ඇගයීමට වාර්ෂිකව පවත්වන සම්මාන උළෙලට සමගාමීව මෙම ප්‍රදර්ශනය පවත්වා තිබුණා. "ශිල්ප හරසර" නම් මෙම උළෙලේදී "හදේ ඇදි රේඛා දෑතේ සවියෙන් සළුවේ හැඩකළ ඌවේ දිරිය ශිල්පීන් ඇගයීමට ලක්කර සම්මාන, සහතිකපත් හා මුදල් තෑගි පිරිනමා තිබුණා. දේශීය කර්මාන්ත විලාසිතා බවට පත් කිරීමට, සමාජගත කිරීමට හුදෙක් සම්මාන පිළිගැන්වීමෙන් එහා ගිය පුළුල් වැඩසටහන් අවශ්‍ය නමුත්, මෙවැනි වැඩසටහනකට සාපේක්ෂව විලාසිතා උළෙලකට රාජ්‍ය සේවකයන් සහ සේවිකාවන් ...