ඌව පළාතේ සේවකයන්ගෙන් විලාසිතා දැක්මක්

ඌව පළාත් සභාවේ නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ සහභාගීත්වයෙන් විලාසිතා ප්‍රදර්ශනයක් බදුල්ල පුරහලේදී ජුලි 06 වැනිදා පවත්වා තිබුණා.

එහිදී ඌව පළාත් සභාවේ සේවය කරන අය නිරූපිකාවන් සහ නිරූපකයන් ලෙස ඉදිරිපත් වී සිටියා.

මෙය ඌව පළාත් සභාවේ කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සහ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයේ යෙදී සිටින කාර්මිකයන් ඇගයීමට වාර්ෂිකව පවත්වන සම්මාන උළෙලට සමගාමීව මෙම ප්‍රදර්ශනය පවත්වා තිබුණා.

“ශිල්ප හරසර” නම් මෙම උළෙලේදී “හදේ ඇදි රේඛා දෑතේ සවියෙන් සළුවේ හැඩකළ ඌවේ දිරිය ශිල්පීන් ඇගයීමට ලක්කර සම්මාන, සහතිකපත් හා මුදල් තෑගි පිරිනමා තිබුණා.

දේශීය කර්මාන්ත විලාසිතා බවට පත් කිරීමට, සමාජගත කිරීමට හුදෙක් සම්මාන පිළිගැන්වීමෙන් එහා ගිය පුළුල් වැඩසටහන් අවශ්‍ය නමුත්, මෙවැනි වැඩසටහනකට සාපේක්ෂව විලාසිතා උළෙලකට රාජ්‍ය සේවකයන් සහ සේවිකාවන් නිරූපක නිරූපිකාවන් ලෙස සහභාගී වීම ඉතා අපූරු අවස්ථාවක් බව නොකියා බැහැ.

මෙහිදී යොදාගෙන තිබුණු වර්ණ, හැඩතල සියල්ල නවීන සමාජයට ගැලපෙන ආකාරයෙන් මෙන්ම, දේශී අත්කම් තාක්ෂණයෙනුත් යුක්ත වීම වැදගත්. ඒ නිසාම, මෙම විලාසිතාවන් ඌව පළාතට පැමිණෙන සංචාරකයන්ටත් සාමාන්‍ය මධ්‍යම පාන්තිකයන්ටත් අලෙවි කිරීමේ හැකියාව තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading