ජනමත විචාරණ කෙටුම්පත සතියෙන් හදලා කැබිනට් එකට දාලා අනුමැතිය අරන්! රනිල් වේගෙන් ගේම ගහයි!

ජනාධිපතිවරණය කල් දැමීමට අදාල ප්‍රතිපාදන ඇතුළත් විය හැකි, ජනමත විචාරණයක් අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතකට ඊයේ (ජුලි 15) කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඊට පෙර සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලැබුණු අනුමැතිය මත, සතියක් ඇතුළත මෙම කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන අතර, අනුමැතිය ලැබුණු කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කොට, පාර්ලිමේන්තුවේ සභාගත කොට සති 2-3 අතර කාලයක් ඇතුළත සම්මත කිරීමේ හැකියාව පවතී.

‘ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ ආ ඡේදයෙහි සදහන් සාවුරුද්දක් ඉක්මවා යන වචන වෙනුවට වසර පහක් ඉක්මවා යන වචන ආදේශ කරමින්83 වන ව්‍යවස්ථාවේ (ආ) ඡේදය සංශෝධනය කරනු පිණිස 2024 ජුලි 09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රතිපත්ති අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත සදහා නීතිපතිගේ නිශ්කාෂනය ලැබී ඇත. එකී කෛටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ගරු ජනාධිපතිතුමා සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරන ලද.

ජුලි 17 වැනිදායින් පසු මැතිවරණය කැදවීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාවට පැවතුණද, එදිනම කැදවිය නොහැකි බවත් රාහු කාලය ඇතුළු කරුණු කාරණා සලකා බලමින් ජුලි මාසය අවසන් වනතුරු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම කල් යන බවත් විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් මැතිවරණ කොමිෂන් සභාව කියා තිබේ. ඊට අමතරව මැතිවරණ කොමිසම කියා තිබෙන්නේ අවශ්‍ය නම් අගෝස්තු 20 දක්වා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම කල් දැමීමේ හැකියාව පවතින බවය.

Author

9 Comments

  • ඔය ජනමතවිචාරණේට අපිට දියන්
    චීනය, ජපානය, ඇමරිකාව, රුසියාව, ඉන්දියාව වගේ රටවල් ටිකක් දාපු ඡන්ද කොලයක්,
    … ඊට පස්සේ මිනිස්සු වැඩිපුරම කතිර ගහල තියෙන රට ඇවිල්ලා ලංකාව පාලනය කරයි,
    … අපි අපේ අයට කතිර ගැහුවත්, ඒගොල්ලෝ අන්තිමට කරන්නෙත් අරටිකම තමා…
    … අපි කෙලින්ම දුන්නහම අතරමැදියො වාසි ලබන්නැහැ….😎😀

  • අනිවාර්යෙන් මිනිස්සු පාරට බහීවි චන්දෙ කල් ගියොත්

  • රටෙි ජනතාව සතු ප්‍රජාතන්ත්‍රවාදය මෙි මහල්ලා ඇතුළු පොහොටිටුවෙි අමන දේශපාලකයන් විනාශ කර බලයෙනි රැඳෙන්න උත්සහ දරන බව පෙනේ.

  • කොමිසම් ඔක්කොම සොම්බියගේ පදේට ඕකුන් සේරම එකට තියලා පාරේ ඇදන් එන්න ජනතාව පාරට එන්න ඕනා.. කුමක්හෝ මැතිවරණයට අංචියක් අවොත් ඔකුන්ගෙන් ඕනෙ නැහැ මැතිවරණ.. ඕකුන්ව එලවලම මැතිවරණය තියමු.. බොරුවට කාලය කා නොදම

  • මොන විචාරනේ තිබ්බත් ඕකුන් පරදමු.

  • What harm in presenting a bill to the parliament. As long as the parliament has not over lived its mandatory period and as long as what is presented to the parliament is within the law no one can object

Comments are closed.

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading