කල්මුණේ උතුරු මූලික රෝහලට අලුතින් පත්කර ඇති මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සහායක නිලධාරිනියන් නව දෙනෙකුට ෆර්දා ඇඳුමින් සේවයට වාර්තා කිරීමට අවසර නොදීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව දක්වා ගෙන ගොස් ඇති අතර, මේ වනවිට ඒ සම්බන්ධයෙන් පැමිණිලි පහක් ඉදිරිපත් කර තිබේ.
දෙමළ මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇති ආකාරයට අලුතින් පත්වීම් ලැබූ මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සහායක නිලධාරිනියන් නවදෙනෙකු තම ආගමික හා සංස්කෘතික අනන්‍යතාව පවත්වාගෙන යමින් ෆර්දා සමග නියමිත නිල ඇඳුමෙන් සේවයට වාර්තා කර තිබේ. එහෙත් එම ආකාරයෙන් සේවයට වාර්තා කිරීමට රෝහල් පාලනාධිකාරිය අවසර නොදුන් බවට එම නිලධාරිනියන් පාර්ශ්වයෙන් චෝදනා කර ඇත.
ඒ අනුව අගෝස්තු 10 වැනිදා සවස, කල්මුණේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාලයට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි පහක් කර තිබේ. එම පැමිණිලිවල මූලික චෝදනාව වන්නේ අදාළ සෞඛ්‍ය සහායක නිලධාරිනියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවය.
ගැටලුව සාකච්ඡාවෙන් විසඳීමට උත්සාහ කරමින් නීතිඥ මුබාරක් මුඅස්සම් සහ නීතිඥ රුදානි සාහිර් රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සහ අදාළ සෞඛ්‍ය නිලධාරියා හමුවී සාකච්ඡා කර තිබේ. එහෙත් එහිදී එකඟතාවකට පැමිණීමට නොහැකි වූ බව වාර්තා වේ.
එම සාකච්ඡාවේදී රෝහල් පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති විසඳුම වී ඇත්තේ අදාළ සෞඛ්‍ය සහායක නිලධාරිනියන් වෙනත් රෝහල්වලට මාරුවීම් ලබාගෙන සේවයට යා යුතු බවය. අගතියට පත් පාර්ශ්වය එය පිළිගෙන නොමැති අතර, තමන්ට පත්වීම් ලැබුණු රෝහලේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාව පවත්වාගෙන සේවය කිරීමේ අයිතිය තමන්ට ඇති බව ඔවුන්ගේ පාර්ශ්වයේ ස්ථාවරය වී තිබේ.
අදාළ නිලධාරීන්ට එරෙහිව මේ පිළිබද නීතිමය පියවර ගැනීමටත් සූදානම් බව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් ප්‍රකාශ කර ඇත. එසේම ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම සඳහා මූලික කටයුතු සිදුකරමින් සිටින බව එම පාර්ශ්වයෙන් ප්‍රකාශ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කල්මුණේ උතුරු මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ගුණසිංහම් සුගුණන්ගෙන් විමසූ අවස්ථාවේ ඔහු ප්‍රකාශ කර තිබුණේ රජයේ ආයතනයක කිසිවෙකුට ජාතිවාදී, ප්‍රාදේශීයවාදී හෝ පෞද්ගලික කැමැත්තක් මත කටයුතු කළ නොහැකි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ආයතන සංග්‍රහය සහ අදාළ චක්‍රලේඛවලට අනුව කටයුතු කළ යුතු බවත් ගැටලුව සාකච්ඡාවෙන් විසඳීමට පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

අනිවාර්යයෙන්ම රොහල්වල සියලු දෙනාම ඒකහ සමාන ව්ය යුතුයි. ආගමකට ජාතියකට. ඉඩදෙන්න බැහැ.. ආගම ගෙදර තියාගන්න. රජයේ සැම තනකම රජයෙ නිතිවලට කටයුතු කරන්න.. රජයේ ඉස්තාන ඔයවාගෙ ආගමික ඇදුම් වලට ඉඩ දෙන්න එපා..
මේ අය පොලිස් සේවයට ගියොත් හරි වැඩේ නේ වෙන්නේ
රජයේ රැකියාවට යනවානම් එම ආයතනයේ නීතීරීති වලට අනිවාර්යයෙන් යටත් විය යුතුය.
ඒ අනුව සදහන් කර ඇති නිල ඇදුම ඇදිය යුතුයි..
රජයේ ආයතන පොදු මහජන අවශ්‍යතා සදහා නිර්මානය කර ඇති අතර, එම ස්ථාන කිසිම විට ආගම්වාදි වර්ගවාදි ජාතිවාදි හෝ වෙනත් කිසිම අයුරකින් ඒකක්ග්‍රාහි නොවිය යුතුයි.
“නිල ඇදුම” ආගමික හෝ තම පුද්ගලික බැදීම් අනුව වෙනස් නොවිය යුතුයි. ප්‍රදේශ / ජන සංයුතිය හෝ වෙනත් කිසිම කරුනක් අනුව එය වෙනස් නොවිය යුතය.
තමන්ගේ ඇදහිලි පුද්ගලික කරුනක් වන අතර එය ආයතන රෙගුලාසි වලට කිසිම අයුරකින් අදාල නොවේ.
එසේ කීරීමට නොහැකි නම් ස්ව කැමැත්තෙන් ඉවත් වි, තම ඇදහිලි වලට ගැලෙපෙන කැනක රැකියාවක් සොයා ගත යුතුය.
ඒ අනුව බලන විට මෙම ආයතන ප්‍රධානියා නිවැරදිව කටයුතු කර ඇති අතර ඔහු ආරක්ෂා කල යතුය.
මෙය මානව හිමිකම් වලට අදාල කරුනක් නොව , ආයතන සංග්‍රහයට අදාල කරුනකි.
රටේ නීතිය සියලුම පලාත් වලට එක සමාන විය යුතුය.
කල්මුණේ ට වෙනම නීතියක් නැත..
රාජකාරී නිල ඇඳුම ආගමකට අවශ්‍ය ලෙසට වෙනස් නොවිය යුතුයි. අනෙක මේ ඉස්ලාම් ආගමික රටක් නොවේ.මෙවැනි දේ “පොරවෙන්කැපීමට” ඉෆ නොතැබිය යුතුයි.
දැන්වත් තේරුම් ගනින් ටික ටික ලංකාවට මොකද වෙන්නේ කියලා,