සමාජ මාධ්‍ය පනත ගැන, මනූෂ පතරංග බොරු කියයි! – උං කෙළින පචවලට නීති නැති නිසා හොඳයි!
මනූෂ නානායක්කා සමාජ මාධ්‍ය පනත ගැන දැවැන්ත අසත්‍ය ප්‍රකාශයක් කර තිබෙනවා. පනතේ ඇති කරුණු හංගමින්, ඔහු මිනිසුන් රැවටීමේ තක්කඩි අරමුණෙන් යුතුව කතා කර තිබෙන අතර, පනතේ ඇති බරපතල අවුලකුත් ඔහුම පෙන්වා දී තිබෙනවා.
‘සමාජ මාධ්‍යයට වාරණ දාන්නෙත් නෑ. සමාජ මාධ්‍යයට නියාමන දාන්නෙත් නෑ. මේ පනත හරහා සිද්ධ වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කරන දේවල්වලට වගකීම ගන්න කියන එක විතරයි. හැමවෙලාවෙම මේ සමාජ මාධ්‍යයට එනවා නම් අනන්‍යතාව අවශ්‍ය වෙනවා. යම් ප්‍රකාශයක් වෙනවා නම් ඒ ප්‍රකාශයට තමන් වගකියන්න ඕනෑ එච්චරයි. එහෙම නැතිව මේකේ කිසිම ආකාරයකින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නවත්, එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල කියන්න තියෙන. නෑ, ඕනෑ දෙයක් කියන්න පුළුවන්. වගකීම් සහගත සමාජ මාධ්‍යයක් තිබීම ගැන විතරයි මේ කතා කරන්නේ.‘
මනූෂ කියා ඇති බොරුව වන්නේ, සමාජ මාධ්‍යයට වාරණ හෝ නියාමන දාන්නේ නැති බව. පනතේ වගන්ති වි...