ශ්‍රී ලංකාවේ බිහිසුණු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය! – ලෝප්‍රකට විශේෂඥ ජායතී ගොෂ් නැවත ලංකාව ගැන කතා කරයි
ජායතී ගොෂ් සහ කාංචනා රුවන්පුර
ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු, අගමැති මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කරන ලද අරගලය ලෙස හැඳින්වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය අවසන්ව වසරකට පසු ශ්‍රී ලාංකිකයන් නැවත වතාවක් වීදියට පැමිණ සිටී.
පොදුජන අතෘප්තිය යළි හිස එසවීමට පෙළඹවූ හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය අතර ඇති කර ගත් ගිවිසුමයි. රටේ දැන් පවතින ගෙවුම් ශේෂ අර්බුදය ඉලක්ක කරගත් මෙම ගිවිසුම, වසර හතරක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව ඇත්තේ - ඩොලර් බිලියන 3ක්- තරම් රටේ ණය සේවාකරණ අවශ්‍යතාවලට සාපේක්ෂව ඉතා සොච්චම් මුදලක් මෙන්ම 2022 දී ඩොලර් බිලියන 18ක් වූ එරට විදේශ විනිමය ආදායම්වලින් හයෙන් එකක් තරම් කුඩා අගයකි.
මෙම හදිසි ණය මුදලට හිලව් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි ශ්‍රී ලංකාවේ වැටුප් සහ ජීවන වියදම් අර්බුදය...