සොෆ්ට්ලොජික්, ඔඩෙල් කොටස් ගනුදෙනු අත්හිටුවීම 2027 දක්වා කල් දමයි

සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී හා එහි අනුබද්ධ සමාගමක් වන ඔඩෙල් පීඑල්සී යන සමාගම්වල කොටස් ගනුදෙනු අත්හිටුවීම 2027 ජුනි 30 දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත.

මීට පෙර එම සමාගම් දෙකෙහි කොටස් ගනුදෙනු අත්හිටුවීම් 2026 අගොස්තු 31 දක්වා නියම කර තිබී ඇත.

එම සමාගම් දෙකෙහි 2022,2023,2024 හා 2025 මාර්තු 31 අවසන් වූ මූල්‍ය වර්ෂයන් සඳහා වන ස්වාධීන විගණන වාර්තාවල ඇතුළත් වූ එම සමාගම්වල පැවැත්ම පිළිබඳ අවධානය යොමු කරමින් මෙසේ කොටස් ගනුදෙනු අත්හිටුවීම් සිදුකර ඇත.

මේ හේතුවෙන් එම සමාගම් දෙක කොළඹ කොටස් වෙළෙඳපොළ නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇත. ඉන් සොෆ්ට්ලොජික් හෝලිඩිංග්ස් සමාගම 2023 නොවැම්බර්, 2024 අප්‍රේල්, 2024 දෙසැම්බර් හා 2025 දෙසැම්බර් නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර ඔඩෙල් සමාගම 2024 දෙසැම්බර් හා 2025 දෙසැම්බර් නිරීක්ෂණ ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading