එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සාක්ෂි විමසීම් අවසන්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ සාක්ෂි විභාගය විනිසුරු මඩුල්ල විසින් අද (නොවැම්බර් 19) අවසන් කර ඇත.

ඒ නයනා සෙනෙවිරත්න සභාපති විනිසුරුවිරියගෙන් හා ලක්මාලි හේවාවසම් හා නලින් හේවාවසම් විනිසුරුවරුන් හමුවේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

අද දිනයේදී විත්තිය විසින් කැඳවූ සාක්ෂිකරුවන් තිදෙනෙකුගෙන් සාක්ෂි විමසීම් සිදුකිරීමෙන් පසු මෙසේ සාක්ෂි විමසීම් අවසන් කර ඇති අතර මීට පෙර පැමිණිල්ලේ සාක්ෂි විමසීම් සිදුකර තිබුණි.

ඒ අනුව එම නඩුවේ අවසන් සැලකිරීම් සඳහා නඩුව දෙසැම්බර් 04 වැනිදා කැඳවීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts