Wednesday, October 4

Top News

අන්තර්ජාල මර්ධන පනතට එරෙහිව පළමු නඩුව වැටේ, නඩු ගණනාවක් ඉදිරියේදී
Top News

අන්තර්ජාල මර්ධන පනතට එරෙහිව පළමු නඩුව වැටේ, නඩු ගණනාවක් ඉදිරියේදී

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් අද (03) සමාජ මාධ්‍ය මර්ධන පනතට එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. නඩු අංක SC/ SD/ 66/ 2023 යටතේ ගොනු කර ඇති මෙම පෙත්සම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට එරෙහිව යොමු කර ඇති පළමු පෙත්සමයි. ජනාධිපති නීතිඥ ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, අද සිට අධිකරණය ඉදිරියේ මෙම පනත අභියෝගයට ලක් කරමින් නඩු පැවරීමේ හැකියාව සියලු පුරවැසියන්ට හිමි වෙනවා. ...
අන්තර්ජාල මර්දන පනත සභාගත කරයි! දැන් පනතට එරෙහිව ඔබට නඩු දාන්න පුළුවන්!
Top News

අන්තර්ජාල මර්දන පනත සභාගත කරයි! දැන් පනතට එරෙහිව ඔබට නඩු දාන්න පුළුවන්!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළ අතර, ඕනෑම පුරවැසියෙකුට එම පනතට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව දැන් විවෘත වේ. ආරංචිමාර්ග අනුව මෙම පනතට එරෙහිව නඩු 10කට වැඩි සංඛ්‍යාවක් ගොනු කිරීමට නියමිතය. මෙම අවස්ථාවේ නැගී සිටිමින් විපක්ෂය මෙම පනතට සම්පූර්ණයෙන් විරුද්ධ වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා නැගී සිටි කියා තිබුණි. මෙම පනත පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් විරෝධයක් පවතින බවත්, ජාත්‍යන්තර වශයෙන් අපි විත්ති කූඩුවෙන් එල්ලුම් ගස් යන බවත් ඔහු එහිදී කියා තිබේ. සන්නිවේදන විෂ්‍ය මාධ්‍යවලට අයිති බවත්, පොලිසිය භාර අමාත්‍යවරයාට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ගැන එහිදී ප්‍රශ්න කර තිබේ. මේ පනත මුලින්ම මේකට ක්‍රියා කරලා තිබුණේ 2016 දී නීති කොමිෂන් සභා දෙපාර්තමෙන්තුව හිටපු ආණ්ඩුව සමයේ බවත්, එම කෙටුම්පත වෙනස...
බොරලුකන්දේ පුරාවිද්‍යා භූමියක පන්සලක් හදනවාට එරෙහි විරෝධයක් වළක්වන්න උසාවි නියෝගයක්!
Top News

බොරලුකන්දේ පුරාවිද්‍යා භූමියක පන්සලක් හදනවාට එරෙහි විරෝධයක් වළක්වන්න උසාවි නියෝගයක්!

නිලාවේලි, ඉලුප්පුකුලම, බොරලුකන්ද ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් අල්ලාගෙන අලුතින් ඉදි කරන විහාරයක් ඉදිරිපිට විරෝධතා නොපවත්වන ලෙස පුද්ගලයන් 8 දෙනෙකුට එරෙහිව ඔක්තෝබර් 01 වැනිදා අධිකරණ නියෝගයක් නිකුත් කර ඇත. එම දිනය තුළ බොරලුකන්ද, මෙම පුරාවිද්‍යා භූමිය ඉදිරිපිට එක්රැස්වීම වළක්වමින්, උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වමින් උක්ත නියෝගය ලබාගෙන තිබේ. දෙමළ ජාතික සන්ධානයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක ෂම්මුගම් කූගදාසන්, දෙමළ ජාතික සන්ධාන මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යම් රාසමානික්කම්, ටෙලෝ සංවිධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරන් ඇතුළු දේශපාලන නායකයන් සහ සිවිල් නායකයන්ට එරෙහිව මෙම නියෝගය ලබාගෙන ඇත. මෙම විහාරය උතුරු- නැගෙනහිර පුරාවිද්‍යා භූමි ඉලක්ක කරමින්, ජනවාර්ගික ගැටුම් ඇති වන ආකාරයට දැවැන්ත පන්සල් ඉදිකිරීමේ ප්‍රවණතාවකට අයත් වන තවත් එක් ඉදිකිරීමක් ව...
ටිරාන්ට විශ්වාසභංගයක්!
Top News

ටිරාන්ට විශ්වාසභංගයක්!

රටේ සිදුවන ඝාතන රැල්ල පදනම් කරගනිමින් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපාට බන පාර්ලිමේන්තු සතියේදී භාර දීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානමින් සිටිති. ඝාතන රැල්ල පාලනය කිරීමට මාසයක් කල් දෙන බවත් එසේ නොවුණහොත් මහජන ආරක්ෂක ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවත් පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවන ප්‍රකාශ කළේ මීට මාසයකට පමණ පෙරය. ඝාතන රැල්ල පාලනය කිරීමට ඇමැතිවරයා අසමත්ව ඇතැයිමේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ අනුව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තරම් කරුණු තිබෙන බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් මූලිකත්වය ගෙන සිටින බවත් මන්ත්‍රීවරයා පැවසී්‍ය. විශ්වාසභංගය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානාය...
ඔන්ලයින් මර්දන පනත ගොඩ දාන්න අරුණෙන් ලොකු මෙහෙයුමක්! ගෝඨාගේ හෙංචයියෙකුත් ලියයි!
Top News

ඔන්ලයින් මර්දන පනත ගොඩ දාන්න අරුණෙන් ලොකු මෙහෙයුමක්! ගෝඨාගේ හෙංචයියෙකුත් ලියයි!

දිලිත් ජයවීරගේ අරුණ පුවත්පත මේ වන විට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (OSA) වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන යන බව පෙනෙන්නට තිබෙනවා. දිලිත් ජයවීර දෙරණ රූපවාහිනී නාළිකාවේ හිමිකරුවාද වන අතර, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ඉඟි කර තිබෙනවා. මෙවැනි අන්තර්ජාල මර්දන පනත් මර්දනය කිරීම සඳහා ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය විසින් සහයෝගය පළ කරන රැල්ලක් ලෝකය පුරා දකින්නට තිබෙනවා. අන්තර්ජාලය ගැන බිය ඇති කරන පුවත් දිගින් දිගටම ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස තෝරාගැනීම එහි දිගුවක්. ඉරිදා අරුණ මෙන්ම පසුගිය සතියේ අරුණ පුවත්පතකද ප්‍රධාන ප්‍රවෘත්තිවලින් ‘පරිගණක අපරාධ‘ සහ ‘අන්තර්ජාල අපරාධ‘ ආදිය ඉස්මතු කර තිබුණා. ඊට අමතරව මෙම මර්දන පනත සාධාරණීකරණය කරමින් සී.ඒ. චන්ද්‍රප්‍රේම නම් ගෝඨාභය රාජපක්ෂ හිතවතාගේ විශාල ලිපියක්ද අරුණ පුවත්පත පළ කර තිබෙනවා. ඉරිදා අරුණ පුවත්පතට අනීෂා මානගේ ලියා තිබුණු ප්‍රධ...
ඇමෙරිකන් වැඩකරන ජනතා පිබිදීම! සියවසේ දැවැන්තම මෝටර් වර්ජනයට බයිඩන්-ට්‍රම්ප් පවා මැදි වේ!
Top News

ඇමෙරිකන් වැඩකරන ජනතා පිබිදීම! සියවසේ දැවැන්තම මෝටර් වර්ජනයට බයිඩන්-ට්‍රම්ප් පවා මැදි වේ!

ඇමෙරිකාවේ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තිය සමිතිය ඇමෙරිකාවේ විශාලම මෝටර් රථ කර්මාන්තශාලා කිහිපයක දැවැන්ත වර්ජනයක් ආරම්භ කළ අතර එය තුන්වැනි සතියටත් ක්‍රියාත්මකයි. අවුරුදු කිහිපයක් ඇතුළත දැන් තියෙන වැටුප සීයට 40කින් වැඩි කිරීම, අලුතින් බඳවාගන්නා අයට ගෙවන ඉතා සුළු වැටුප වෙනුවට වඩාත් වැඩි වැටුප් ලබා දීම ඉල්ලීම් අතර පවතිනවා. සරල බසින් කීවොත් ඔවුන්ගේ මූලික ඉල්ලීම වැඩි වැටුප් සහ සේවක අයිතීන්. සැප්තැම්බර් 14 වැනිදා සිට ප්‍රධාන සමාගම් තුනක සේවකයන් 146,000ක් වර්ජනයට සම්බන්ධ වූ බව බීබීසී වාර්තාවක සඳහන්. ‘අපට ඇති වෙලා ඉන්නේ‘ ජෙනරල් මෝටර්ස් සමාගමේ අවුරුදු 17ක් වැඩ කරපු එමිලි යෙටාව් බීබීසී වෙත කියා තිබුණා. ‘ඔවුන් බිලියන ගණන් ලාභ හොයනවා. අපට මීට වඩා ලබන්න අයිතියක් තියෙනවා.‘ ඇය කියා තිබුණා. ඊළඟ ජනාධිපතිවරණයට ලෑස්තිවෙන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් දෙන්නාම ඩිට්‍රොයිට්වලට මේ...
බලපෑම්, තර්ජන, හිංසා හමුවේ දිසා විනිසුරු රටින් පිටවුණාලු!
Top News

බලපෑම්, තර්ජන, හිංසා හමුවේ දිසා විනිසුරු රටින් පිටවුණාලු!

කුමනන් කනපතිපිල්ලේ මුලතිව් දිස්ත්‍රික් විනිසුරු ටී. සරවනරාජා විසින් කුරුන්දුමලෛයි ගැටලුව පිළිබඳ ලබා දුන් නියෝගයෙන් පසු මුහුණදුන් ජීවිත තර්ජන, පීඩනය සහ හිංසාව හේතුවෙන් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස් වී රටින් පිට වී තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කුරුන්දිමලෛයිවල බෞද්ධ විහාරයක් ඉදි කිරීමට උත්සාහ කරමින් සිටියේය. මීට පෙර අවස්ථා තුනකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කුරුන්දිමලෛයිහි බෞද්ධ විහාරයක් ඉදිකිරීම සඳහා උත්සාහ කර තිබේ. එවැනි පසුබිමක නියෝග ලබා දුන් දිස්ත්‍රික් විනිසුරු සරවනරාජා නොනවතින හිංසනයන්ට සහ තර්ජනවලට මුහුණ දී තිබේ. මේ පිළිබඳ ඔහු මාධ්‍ය වෙත කී කරුණු මෙසේය. ‘කුරුන්දිමලෛයි පිළිබඳ ලබා දුන් නියෝග නැවත හරවන ලෙස නොකඩවා රජයෙන් බලපෑම් එල්ල වූ බව. සරත් වීරසේකර ඇතුළු පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සහ බහුතර ජන...
කුරුන්දියේ බිස්නස් ප්ලෑන් එක කමිටුවට!
Top News

කුරුන්දියේ බිස්නස් ප්ලෑන් එක කමිටුවට!

කුරුන්දියේ පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානය කතරගම පූජා භූමිය මූලික කරගත් ආකෘතියට ගොඩනැගිය යුතු බව පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාවකදී අදහස් පළ වී තිබෙනවා. මෙය සැබෑ ලෙස සැලකිය යුත්තේ ‘ව්‍යාපාර සැලසුමක්‘ හෙවත් බිස්නස් ප්ලෑන් එකක් සහ අනවශ්‍ය ජනවාර්ගික පීඩනයක් ඇති කරන සැලසුමක් ලෙස. එහිදී කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමියට පිටින් තවත් අක්කර තුනක් ලබාගෙන කතරගම පුදබිමෙන් ආභාෂය ලැබූ කෝවිලක් සහ බෞද්ධ විහාර ඇතුළත් පූජා භූමියක් ඉදිකිරීමට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ඒ අදහස් පළ වී තිබුණේ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා සහජීවනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ මාධ්‍යය, තාරුණ්‍ය උරුමය සහ නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවලදී- නිලධාරීන් ගෙන්වමින් කුරුන්දි විහාරය පිළිබඳ සාකච්ඡා කළ අවස්ථාවේදී. ඒ සඳහා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇ...
ළමා මන්දපෝෂණය මැඬලන වැඩසටහන් බෑ! ප්‍රවාහන ගාස්තු නිසා සායනවලට එන්නේ නෑ!
Top News

ළමා මන්දපෝෂණය මැඬලන වැඩසටහන් බෑ! ප්‍රවාහන ගාස්තු නිසා සායනවලට එන්නේ නෑ!

කොළඹ දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවත්වන සායනවලට මවුවරුන් දරුවන් රැගෙන නොඑන තත්වයක් නිර්මාණය වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී 26 වැනිදා කියා තිබෙනවා. මෙය සාමාන්‍ය මිනිසුන් ගැන නොතකමින්, ජනතාව මත බර පැටවූ වත්මන් ආණ්ඩුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ සැබෑ බලපෑම මනාව පෙනෙන පුවතක්. එක් එක් ක්ෂේත්‍රවල අර්බුද- එකිනෙකට ගැටගැසී ඒ ඒ අර්බුද තව තවත් වැඩි කරන හැටි පෙන්වන පුවතක්. දරාගත නොහැකි ලෙස පොදු ප්‍රවාහන වියදම් ඉහළ යෑම මේ තත්වයට හේතු වී ඇතැයිද, ඊට පිළියමක් වශයෙන් සායනවලට නොඑන මව්වරුන්ට බස් ගාස්තුවක් හෝ යම්කිසි මූල්‍යමය ආධාරයක් ලබා දීමට රතුකුරුස සංවිධානය ඉදිරිපත් වී ඇතැයිද ගජනායක මහතා වැඩිදුරටත් කියා තිබෙනවා. ඔහු වැඩිදුරටත් මෙහෙම කියා තිබුණා. ‘ළමා මන්දපෝෂණය අම කරගැනීම ස...
කැලණි ගඟට අසූචි දැම්ම කර්මාන්ත හිමියන්, ජල බිල අඩු කරගන්න පස්ස දොරෙන් සාකච්ඡා! (Investigation)
Top News

කැලණි ගඟට අසූචි දැම්ම කර්මාන්ත හිමියන්, ජල බිල අඩු කරගන්න පස්ස දොරෙන් සාකච්ඡා! (Investigation)

සාමාන්‍ය ජනතාව දරාගත නොහැකිව සිටින මුත්, කර්මාන්තශාලා ආදී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයතනවල ජල සහ විදුලි බිල අඩු කරවාගැනීමට ඒවායේ හිමිකරුවන් වූ ධනවතුන් බලපෑම් කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණා. අප ඉතිහාසයේ සැඟව ගිය විගණකාධිපති වාර්තාවක් ඇසුරෙන් මේ ප්‍රවෘත්තියට අදාල කරුණු ගවේෂණයක් සිදු කළා. අපට ඉතාම වැදගත් කාරණයක් පෙන්වාදෙන්න අවශ්‍යයි. මෙය ඉතාම නරක, නින්දිත ක්‍රියාවක් බවට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාව ජල බිලේ බර නිසා පීඩා විඳින විට කර්මාන්ත හිමි සුපිරි ධනවතුන් එයින් නිදහස් වන නිසා විතරක්ම නෙවෙයි. ඊටත් එහා ගිහින්, ලංකාවේ ජල නිෂ්පාදන පිරිවැය ඉහළ දාන්නට හේතු වෙච්ච මහා විනාශයක් කරමින් ඉන්නේ ඔය කර්මාන්ත හිමියන් තමයි. ඔය කර්මාන්ත හිමියන් නිසා, අද කැලණි ගඟේ තියෙන්නේ අසූචි. ඔව්, මිනිස් අසූචිවල සිටින බැක්ටීරියා කැලණි ගඟේ සිටිනවා. ඒ බැක්ටීරියා ඉවත් කරලා පිරිපහදු කරන්නට, ජල සම්පාදන මණ්ඩල...