පළමු වසරට දරුවන් ඇතුළත් කිරීමට ලක්ෂය බැගින් ඉල්ලූ ජාවාරමක් මහනුවරින් හෙළිවේ…

මහනුවර ප්‍රධාන පෙළේ බාලක පාසලක පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීම සඳහා සම්මුඛ පරික්ෂණයට ගොස් පොරොත්තු ලේඛණයට නම ඇතුළත්ව තිබෙන සිසුන්ගේ දෙමව්පියන්ගෙන් දරුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් ලක්ෂය බැගින් මුදල් ඉල්ලා සිටීමේ මහා පරිමාණ ජවාරමක් අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධව දෙමව්පියන් අදාළ පාසලේ විදුහල්පතිවරයාටද පැමිණිල්ලක් කරමින් ඉල්ලා ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

සම්මුඛ පරීක්ෂණ වලින් පසු පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ නම් සඳහන් තාවකාලික ලැයිස්තුව මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

මෙම ලැයිස්තුවේ පොරොත්තු ලේඛනයේ නම සඳහන්ව තිබෙන විරෝධතා වලින් පසු පාසලට ඇතුළත් කිරීමට හැකියාව පවතින සිසුන්ගේ දෙමාපියන්ගේ දුරකතන අංක වලට කතා කර රුපියල් ලක්ෂයක මුදලක් ලබා දුනහොත් කිසිදු බාධාවකින් තොරව දරුවා පාසලට ඇතුළත් කිරීම සඳහා පහසුකම් සලසා දියහැකි බව දැනුම් දී ඇත.

මුදල් නොගෙව්වහොත් පොරොත්තු ලේඛනයේ ඊළඟට නම සඳහන් සිසුවා ඇතුළත් කර ගන්නා බවද අදාළ පුද්ගලයින් දැනුම් තිබේ.
මෙලෙස මුදල් ඉල්ලු අයෙකු එම මුදල් ලබා ගැනීම සඳහා පළමු වසරට දරුවා ඇතුළු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන පියෙකු සේවය කරන මහනුවර පිහිටි වෙළෙඳ සැළකට ගොස් තිබෙන අතර වෙළෙඳ සැළේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය මගින් ඔහු අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ලබාගෙන එය විමර්ශන සඳහා පාසලට ලබාදී ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට අදාළ බාලක පාසලේ විදුහල්පතිවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබේ.

Author

Leave a Reply

Related Posts