නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසළ සිට රත්නපුර පලාබද්දර ශ්‍රී පාද තොරණ දක්වා මාර්ගය අයිත් මහජනතාවට මිස වනජීවි දෙපාර්තමේන්තුවට නොවන බව ශ්‍රි පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියෝ පවසති.
වනජීවි දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා ප්‍රවේශ පත්‍ර ලබාගෙන අවාරේ සිරුපා කරුණා කරන ඇතැම් පිරිස් සිරිපා මාර්ගයට හා පොදු දේපොළ වලට හානි සිදුකරන අවස්ථා වාර්තා වන බවද උන්වහන්සේ කීහ.
මෙවර සිරිපා වන්දනාවාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැති රැස්වීමකදී ධම්මදින්න හිමියෝ මේ බව පැවසූහ.
ශ්‍රිපාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර එම මාවත අඩි 20 බැගින් දෙපසට තිබෙන සේ ගැසට් කරන ලෙස අවස්ථා කිහිපයදී පැවති රජයන්ගෙන් ඉල්ලා සිටියත් එය මෙතෙක් ඉටු කිරිමට කිසිදු රජයක් කටයුතු නොකළ බවද මෙහිදී උන්වහන්සේ කීහ.
මෙවර ශ්‍රි පාද වන්දනාවාරය අවසන් වීමට ප්‍රථම ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම් කර එම මාවතද ශ්‍රී පාදස්ථාන මාවත ලෙස නම් කරන ලෙස ඉල්ලීමක් කරන බවද ධම්මදින්න හිමියෝ මෙහිදී පැවසූහ.
මෙවර සිරිපා වන්දනාවාරය උදුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වීමට නියමිතය.
