සමුගනිද්දී නිලූක කී සංවේදී කතාව!
බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් වසර විස්සකට අධික කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
මේ වෙද්දී 38 හැවිරිදි නිලූක කරුණාරත්න මහාද්වීප පහකදී ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයෙක්.
අවස්ථා තුනකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ නිලූක, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවල් 5කට සහභාගී වී තිබෙනවා.
නිලූක වයස අවුරුදු 15 සිට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර, 2001 දී වයස අවුරුදු 16ක්ව සිටියදී ජාතික මට්ටමේ ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා.
ජාත්‍යන්තර තරගාවලි 34කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනූ ඔහු, සමුගැනීමේදී මෙසේ සටහනක් තබා තිබුණා. ‘සමුගැනීම සම්බන්ධයෙන් කාලයක් තිස්සේ හිතුවා. ගොඩක් තරුණ ක්‍රීඩකයන් බිහිවෙමින් පවතිනවා. මගේ වෘත්තිය ක්‍රීඩා දිවියෙන් නික්ම යෑමට වෙලාව ඇවිත්ත තියෙනවා. අනාගතයේදී මට වඩා...