Wednesday, October 4

Author: Satahan Radio

සනත් නිශාන්ත නාමල්ට ලැජ්ජා කළාද?
Politics

සනත් නිශාන්ත නාමල්ට ලැජ්ජා කළාද?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2019 දී තංගල්ලේ පැවැත්වූ විවාහ උත්සවයේ ලක්ෂ 26ක විදුලි බිල සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ගෙවා ඇති බව වාර්තා විය. මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා ඇත්තේ තමන්ගේ නමට හිඟ විදුලි බිලක් නොතිබුණු බවත්, 2019 දී පැවති විවාහයට අදාල බිලක් සනත් නිශාන්ත ගෙවා ඇති බවත්ය. එනම්, ඔහු සිතා ඇත්තේ ඔහු කසාද බඳිනකොට බිලක් නිකුත් නොකොට නිකම්ම විදුලිය ලබා දීමට මේ රටේ බදු ගෙවන ජනතාව බැඳී සිටින බවයි. එය නාමල් රාජපක්ෂ වැනි දේශපාලනඥයන්ගේ පරාධීන මානසිකත්වය මනාව තහවුරු කරන්නකි. අනෙක් පැත්තට සනත් නිශාන්ත විසින් නාමල් රාජපක්ෂගේ හිත දිනාගනු පිණිස බිල ගෙව්වත්, තමන්ගේ නමට බිලක් නැතැයි කයිවාරු ගසමින් සිටි නාමල් රාජපක්ෂට එය ලැජ්ජාවක් ලෙස දැනෙන්නට ඇත. ...
සමාජ මාධ්‍ය පනත ගැන, මනූෂ පතරංග බොරු කියයි! – උං කෙළින පචවලට නීති නැති නිසා හොඳයි!
Opinion

සමාජ මාධ්‍ය පනත ගැන, මනූෂ පතරංග බොරු කියයි! – උං කෙළින පචවලට නීති නැති නිසා හොඳයි!

මනූෂ නානායක්කා සමාජ මාධ්‍ය පනත ගැන දැවැන්ත අසත්‍ය ප්‍රකාශයක් කර තිබෙනවා. පනතේ ඇති කරුණු හංගමින්, ඔහු මිනිසුන් රැවටීමේ තක්කඩි අරමුණෙන් යුතුව කතා කර තිබෙන අතර, පනතේ ඇති බරපතල අවුලකුත් ඔහුම පෙන්වා දී තිබෙනවා. ‘සමාජ මාධ්‍යයට වාරණ දාන්නෙත් නෑ. සමාජ මාධ්‍යයට නියාමන දාන්නෙත් නෑ. මේ පනත හරහා සිද්ධ වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කරන දේවල්වලට වගකීම ගන්න කියන එක විතරයි. හැමවෙලාවෙම මේ සමාජ මාධ්‍යයට එනවා නම් අනන්‍යතාව අවශ්‍ය වෙනවා.  යම් ප්‍රකාශයක් වෙනවා නම් ඒ ප්‍රකාශයට තමන් වගකියන්න ඕනෑ එච්චරයි. එහෙම නැතිව මේකේ කිසිම ආකාරයකින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නවත්, එහෙම නැත්නම් සමාජ මාධ්‍යවල කියන්න තියෙන. නෑ, ඕනෑ දෙයක් කියන්න පුළුවන්. වගකීම් සහගත සමාජ මාධ්‍යයක් තිබීම ගැන විතරයි මේ කතා කරන්නේ.‘ මනූෂ කියා ඇති බොරුව වන්නේ, සමාජ මාධ්‍යයට වාරණ හෝ නියාමන දාන්නේ නැති බව. පනතේ වගන්ති වි...
මළමිනිය ඇවිද්දේ ඇයි?
Politics

මළමිනිය ඇවිද්දේ ඇයි?

මහින්ද මහත්තයා ලෙඩ වෙලා, සැප්තැම්බර් 27 වැනිදා සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති හුවමාරු වෙද්දී හැමෝම කතා කරමින් ඒ ගැන අහන්න ගත්තා. ඉතින්, කට්ටියට මළමිනිය ඇවිද්දවන්න සිද්ධ වුණා. ඒ මුල් දවසේම මහින්ද රාජපක්ෂ පාමංකඩ සීමා විහාරයට ගිහින් වල්පොළ පියනන්ද හාමුදුරුවන් හම්බවෙලා වැඩසටහනක් කළා. ඉන් පස්සේ මහින්ද රාජපක්ෂගේ මළමිනිය චුට්ටක් එහේ මෙහේ ඇවිද්දවන්නට ඔහුට සමීප අය කටයුතු කළා. ඉතාම පැහැදිලිව මහින්දගේ කෙටි අදහස් දැක්වීම්වලින් පවා ඔහුගේ සිහිබුද්ධිය හෝ මානසික මට්ටම ස්ථාවරත්වයක තියෙන බව පෙනෙන්නේ නෑ. ඒත්, මහින්ද තවමත් ඇවිදිනවා. ඔහු කැලණි විහාරය ආදී ස්ථාන රැසකට ගියා. තවමත් වියපත් උපාසක අම්මලා නම්, ‘මහින්ද මහත්තයාට‘ පරණ විදියටම වන්දනාමාන කරනවා. යටහත් පහත්ව. එහෙත්, ඔහුගේ කතා කිරීමේ නොහැකියාව මනාව පෙනෙන්න තිබුණා ඒ ඇවිදින අවස්ථාවල. හරි මාධ්‍යවේදීන් ප්‍රශ්න දෙකක් ඇහුවා නම් මහින්දගේ මට්ටම මනාව හෙළිදරව් කරගන...
‘දැන් හැරී බලන්න – මේ අපේ ගම් දිහා’ : දීපචෙල්වන්ගේ ‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන !
Culture

‘දැන් හැරී බලන්න – මේ අපේ ගම් දිහා’ : දීපචෙල්වන්ගේ ‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන !

පළමු වැනි ලෝක යුද්ධයේ විනාශයන් සිදු වූයේ වැඩි වශයෙන්ම සංස්කෘතික අසමත්වීම් නිසා යැයි තාගෝර් විශ්වාස කළේය . ඒ සංස්කෘතික අසමත්කම් ඇති වූයේ ජාතීන් තම දරුවන්ට අන්‍යෝන්‍ය අවබෝධය හා අන්‍යෝන්‍ය උපකාරය වෙනුවට ආධිපත්‍ය ඉගැන්වූ නිසා යැයි ඔහු තර්ක කළේය . කලාව කුමකටද? – ලියනගේ අමරකීර්ති( Not for profit ;Why Democracy Needs the Humanities – Martha C. Nasbaum කෘතියෙ සිංහල පරිවර්තනය) ජයග්‍රාහකයන් ඉන්න බැහැ පරාජිතයන් නැතිව .එසේ නොවන්න නම් අපි සියලු දෙනා දිනා සිටිය යුතුයි . නමුත් එක් පිරිසක් ජයග්‍රාහී උත්සව පවත්වනවා කියලා කියන්නෙ පරාජිතයෙක්ව නඩත්තු කිරීමයි . සුවපත් වෙමු – ගල්කන්දේ ධම්මානන්ද හිමි දෙවියනි ඔබ එනවදමා දෙමළෙන් අඬගැසුවොත් .දෙමළ මහා කවි සුබ්‍රමනියා භාරතී – සුනිල් ආරියරත්න පෙරේදා (29) සවස දීපචෙල්වන්ගෙ කාව්‍ය සංග්‍රහයක සිංහල පරිවර්තනය ජනගත කිරීම සාර්ථකව පැවැත් වී ඇති බව මුහුණු පොතේ පළවන ...
ටිරාන්ට විශ්වාසභංගයක්!
Top News

ටිරාන්ට විශ්වාසභංගයක්!

රටේ සිදුවන ඝාතන රැල්ල පදනම් කරගනිමින් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාසභංග යෝජනාව කථානායක මහින්ද යාපාට බන පාර්ලිමේන්තු සතියේදී භාර දීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානමින් සිටිති. ඝාතන රැල්ල පාලනය කිරීමට මාසයක් කල් දෙන බවත් එසේ නොවුණහොත් මහජන ආරක්ෂක ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බවත් පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවන ප්‍රකාශ කළේ මීට මාසයකට පමණ පෙරය. ඝාතන රැල්ල පාලනය කිරීමට ඇමැතිවරයා අසමත්ව ඇතැයිමේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඒ අනුව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තරම් කරුණු තිබෙන බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් මූලිකත්වය ගෙන සිටින බවත් මන්ත්‍රීවරයා පැවසී්‍ය. විශ්වාසභංගය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානාය...
ඇමෙරිකන් වැඩකරන ජනතා පිබිදීම! සියවසේ දැවැන්තම මෝටර් වර්ජනයට බයිඩන්-ට්‍රම්ප් පවා මැදි වේ!
Top News

ඇමෙරිකන් වැඩකරන ජනතා පිබිදීම! සියවසේ දැවැන්තම මෝටර් වර්ජනයට බයිඩන්-ට්‍රම්ප් පවා මැදි වේ!

ඇමෙරිකාවේ යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තිය සමිතිය ඇමෙරිකාවේ විශාලම මෝටර් රථ කර්මාන්තශාලා කිහිපයක දැවැන්ත වර්ජනයක් ආරම්භ කළ අතර එය තුන්වැනි සතියටත් ක්‍රියාත්මකයි. අවුරුදු කිහිපයක් ඇතුළත දැන් තියෙන වැටුප සීයට 40කින් වැඩි කිරීම, අලුතින් බඳවාගන්නා අයට ගෙවන ඉතා සුළු වැටුප වෙනුවට වඩාත් වැඩි වැටුප් ලබා දීම ඉල්ලීම් අතර පවතිනවා. සරල බසින් කීවොත් ඔවුන්ගේ මූලික ඉල්ලීම වැඩි වැටුප් සහ සේවක අයිතීන්. සැප්තැම්බර් 14 වැනිදා සිට ප්‍රධාන සමාගම් තුනක සේවකයන් 146,000ක් වර්ජනයට සම්බන්ධ වූ බව බීබීසී වාර්තාවක සඳහන්. ‘අපට ඇති වෙලා ඉන්නේ‘ ජෙනරල් මෝටර්ස් සමාගමේ අවුරුදු 17ක් වැඩ කරපු එමිලි යෙටාව් බීබීසී වෙත කියා තිබුණා. ‘ඔවුන් බිලියන ගණන් ලාභ හොයනවා. අපට මීට වඩා ලබන්න අයිතියක් තියෙනවා.‘ ඇය කියා තිබුණා. ඊළඟ ජනාධිපතිවරණයට ලෑස්තිවෙන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් දෙන්නාම ඩිට්‍රොයිට්වලට මේ...
බෝන් අගේන් ක්‍රිකට් නඩුව කැඳවයි! විගණකාධිපති වාර්තාව ඉල්ලයි!
Sports

බෝන් අගේන් ක්‍රිකට් නඩුව කැඳවයි! විගණකාධිපති වාර්තාව ඉල්ලයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳ ඉදිරියේදී අධිකරණයට දැනුම් දෙන බව ක්‍රීඩා ඇමතිවරයා අභියාචනාධිකරණයට සැප්තැම්බර් 26 වැනිදා දැනුම් දී තිබේ. ඕස්ට්‍රේලියාවේදී 2022 දී පැවති ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ‘බෝන් අගේන්‘ ආගමික කණ්ඩායමේ බලපෑම් එල්ල වූ බවට ඇති වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ සරෝජනී වීරවර්ධන කමිටු වාර්තාවට අදාලව විගණකාධිපතිවරයා සිදු කළ විමර්ශන වාර්තාව අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගන්නා බව දැනුම් දී තිබේ. එම කමිටු වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අවලංගු කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතා මේ බව දන්වා තිබේ. අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්සීබීඑස් මොරායස් යන මහත්වරුන්ගෙන් ...
තිලීපන් සැමරුම් දිනය අද- යාපනයේදී ජයට තිලීපන් සැමරුවා! ත්‍රිකුණාමලයේදී උසාවි නියෝගය ලැබුණා! – තිලීපන් කවුද?
Top News

තිලීපන් සැමරුම් දිනය අද- යාපනයේදී ජයට තිලීපන් සැමරුවා! ත්‍රිකුණාමලයේදී උසාවි නියෝගය ලැබුණා! – තිලීපන් කවුද?

පසුගිය දිනවල වගේම, තිලීපන්ගේ මරණයට අවුරුදු 36ක් සපිරෙන සැප්තැම්බර් 26 අද දවසේ තිලීපන් සමරු රැසක් පැවැත්වුණා. යාපනයේදී සැලකිය යුතු පිරිසකගේ සහභාගීත්වයෙන් එම සැමරුම පැවතුණා. දෙමළ සිනමාවේ සුපිරි සංගීත ශිල්පී සන්තෝෂ් නාරායන් යාපනයේදී තිලීපන් සමරන්නට සහභාගී වී සිටියා. යාපනය, වව්නියාව සහ මුලතිව් ප්‍රදේශවල තිලීපන් සැමරුම් නවත්වන්නට පොලීසිය අධිකරණ නියෝග ඉල්ලා තිබුණා. එහෙත්, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේ වෙතත් තිලීපන් සැමරුම් උත්සව ත්‍රිකුණාමලයේ සිදු කිරීම තහනම් කරමින් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමට ත්‍රිකුණාමල වරාය පොලීසිය කටයුතු කරලා තියෙනවා. මා ඇතුළු කිහිපදෙනෙකුට විරුද්ධවත් තිලීපන් සමරුවක් කරනවා කියලා මීට කලින් අධිකරණ නියෝගයක් ලබා ගත්තා. ඒ අධිකරණ නියෝගයේ තිලීපන් සමරුවක් මා සංවිධානය කළා කියා තියෙන්නේ බොරු. මා කිසිදිනෙක තිලීපන් සමරුවක් සංවිධානය කරන්නේ...
අලුත් පොතක් අත දරාගත් සන්නා! No stopping or turning back!
Culture

අලුත් පොතක් අත දරාගත් සන්නා! No stopping or turning back!

තරිඳු උඩුවරගෙදර උපුල් ශාන්ත සන්නස්ගලගේ අලුත්ම පොත No stopping or turning back මේ වෙද්දී විජේරාම හන්දියේ රෝයල් තැප්‍රොබේනියන් එකෙන් ගන්න පුළුවන්. ලොකුම ලොකු කාලෙකට පස්සේ සන්නස්ගල මුණගැහිලා මේ පොත මිලට ගන්න තැප්‍රොබේනියන් එකට ගියා. ඔහුගෙන් ලැබෙන සුපුරුදු මිත්‍ර ආශ්‍රය ලැබෙන අතරේම, පොතේ පිටු සීයකට වඩා එතැනදීම කියවන්න හැකි වුණා. මේ සටහන, පොත ගැන සම්පූර්ණ විචාරයක්ම නෙවෙයි. එහෙත්, පොත් කියවීම- සංස්කෘතිය- තැප්‍රොබේනියන්- සන්නා සහ මේ පොත ගැන වැදගත් යෝජනා කිහිපයක්. තැප්‍රොබේනියන් එකට ගොඩ වෙද්දී, සන්නස්ගල කතාබහක. පොත මිලට ගන්න ආ අයට පොත් අත්සන් කරමිනුයි හිටියේ. ඡායාරූපවලට පෙනී ඉන්න ගමන්. ඒ අතරතුරේ, මේ පොතේ කලාත්මක පිටකවරය නිර්මාණය කරපු පසන් තිලකවර්ධන පියානෝවේ ලස්සන වාදනයකත් නිරත වුණා. එක ක්ෂණයෙන් මේ අවකාශය සහ කලබලකාරී බුක් ෆෙයාර් එක අතර වෙනස වැටහුණා. බුක්ෆෙයා එකේ තියෙන්නේ කලබල...
අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.
Top News

අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් මාව ඉවත් කළා – හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු කියයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තමාව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ධුරයෙන් ඉවත්කර ඇති බවත් එලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විකිණීමේ කටයුතු කඩිනම් කිරීමට කටයුතු කිරීමට බවත් හිටපු ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මාධ්‍ය වෙත පවසා ඇත. ජුලි 20 වන දින රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. ...