කෙහෙල්බද්දර පද්මේ රක්ෂිත බන්ධනාගාරයට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස කියන රැදවුම් නියෝග මත රඳවාගෙන සිටි කෙහෙල්බද්දර පද්මේ ලබන සැප්තැම්බර් මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ලබාගත් රැඳවුම් නියෝග මත මෙතෙක් කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි සැකකරුව, එම විමර්ශන කාලසීමාව අවසන් වීමෙන් අනතුරුව අද (25) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු එළඹෙන සැප්තැම්බර් 03 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා මීට පෙර විදේශගතව සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහය ඇතිව මෙරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදී.

මෙරටට රැගෙන ඒමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ හෝ මත්ද්‍රව්‍ය පනත යටතේ රැඳවුම් නියෝග ලබාගනිමින් ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය, මූල්‍ය වත්කම් සහ මෙහෙයුම් පිළිබඳ දීර්ඝ ලෙස විමර්ශන සිදුකරමින් පැවතිණි.

Author

Leave a Reply

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading