සමීප යාළුවන් නැතිවීම දවසට සිගරැට් 15ක් බොනවාට වඩා අහිතකරයිලු! ඒත් යාළුවො වධයක් නෙවෙයිද?
රිචර්ඩ් රීව්ස් කියන ලේඛකයා මෙහෙම කියනවා. ‘ඇතැම් අධ්‍යනයන් පෙන්වාදෙන පරිදි, සමීප මිතුරෙක් නොමැතිව තනි වීම සිගරැට් 15ක් දිනකට බොනවාට වඩා ශරීරයට අහිතකරයි‘ කියලා.
හැබැයි ඕක කිව්වාම, වෙනත් ප්‍රශ්නයක් එනවා. යාළුවෙක් කියන්නෙ මොන විදියෙ යාළුවෙක්ද?
යාළුකම් පවත්වාගන්නවා කියන අදහසේ තේරුම මොකක්ද අද කාලේ? ඕනෑ කෙනෙක් කියයි මට යාළුවන් 5000ක් ඉන්නවා කියලා. නැත්නම් 350ක් ඉන්නවා කියලා. සෝෂල් මීඩියා එකේදී හෝ කාර්යාලයේදී හෝ වට්ස්ඇප් චැට් ගෘප්වලදී අපි අපේ ‘යාළුවන්‘ කියා පිරිසක් අඳුනාගන්නවා.
ඉතින්! අපි සෞඛ්‍ය සම්පන්නයි! යාළුවෝ ඉන්නවා.
ඒත්, ඇත්තටම අපි යාළුකම් පවත්වන්නෙ කොහොමද? ඒක හරි විදියට අපි පවත්වගෙන යනවද? අපි ජීවිතේ යාළුකම් පවත්වන්න දෙන වැදගත්කම මොකක්ද?
සමහර වෙලාවක යාළුවන් එකට එකතුවෙලා පැය ගාණක් ඉන්න පුලුවන්. දෙන්නෙක් දේශපාලනේ ගැන කතාවක. තව කෙනෙක් ඩාන්ස් කරන්න දඟලනවා. කට්ටිය එකතුවෙලා කෑ...