ප්‍රකාශයක් ලබාදීමට පැමිණි රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට

රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජාංගනයේ සද්ධාරතන හිමි ඇතුළු තවත් පුද්ගලයෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා අද (නොවම්බර් 18) අනුරාධපුර පොලීසියට පැමිණි ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පසුගිය 12 වැනිදා රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහය අතරතුර මෙම ගැටුම හටගෙන තිබූ අතර, එහිදී දෙපාර්ශ්වයක් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.

මේ අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සද්ධාරතන හිමි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ (17) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.

Author

Leave a Reply

Related Posts