තංගල්ලේ පාතාලයකුගේ කෝටි 4ක දේපල අත්හිටුවයි

නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගන්නා ලදැයි සැකකරන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වශයෙන් සැලකෙන එගොඩ හේවගේ ඉන්දික ප්‍රසාද් නොහොත් ලාරා නැමැත්තාට අයත් තංගල්ල ප්‍රදේශයේ ඇති රුපියල් කෝටි 4කට ආසන්න දේපල කිහිපයක් පොලිස් නීති විරෝධී වත්කම් ඒකකය විසින් අත්හිටුවා ඇත.

දින 14ක කාලයක් සඳහා නොවැම්බර් 17 දින සිට එම දේපල අත්හිටුවා ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ඒකකය තවදුරටත් විමර්ශන කරමින් පවතී.

තංගල්ල සුසාන භූමිය පාරේ පිහිටි තෙමහල් නිවසක් සහිත පර්චස් 18ක ඉඩම, තංගල්ල දංකැටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් සහිත පර්චස් 9.57ක ඉඩම, තංගල්ල පොළොන්මාරුව ප්‍රදේශයේ පිහිටි ගොඩනැඟිලි දෙකක් සහිත පර්චස් 19.20ක ඉඩම හා තංගල්ල වල්ගම්පිටිය ප්‍රදේශයේ පිහිටි පර්චස් 37.25ක ඉඩම එසේ අත්හිටුවා ඇති දේපල වේ.

Author

Leave a Reply

Related Posts