කොවිඩ් වසංගත සමයේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මහනුවර නගරයේ විරෝධතාවක් පැවැත්වීම සහ මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් උලපනේ සුමංගල හිමියන් ඇතුළු 22 නෙකුට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩුව ඊයේ (17) කැඳවනු ලැබූ අතර එහිදී 16 දෙනෙකු අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ.
වරද පිළිගත් පිරිස අවවාද කර නඩුවෙන් නිදහස් කරනු ලැබූ අතර අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි, ලංකා ගුරු සංගමයේ මහනුවර දිස්ත්‍රික් හිටපු ලේකම් රේණුකා මලියගොඩ ඇතුළු වරද පිළි නොගත් සෙසු 06 දෙනාට යළි පෙබරවාරී මස 23 දින අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළාය.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් 2021 වසරේදී රට පුරා විරෝධතා පැවැති සමයේ මෙම සිදුවීම වාර්තා විය.
මහනුවර නගර මධ්‍යයේ පැවැත්වූ විරෝධතාවක් මගින් සාමකාමී තත්ත්වයට තර්ජනයක් ඇතිකරමින් කොවිඩ් ව්‍යාප්තියට හේතු වන ආකාරයෙන් කටයුතු කළ බවට උලපනේ සුමංගල හිමි ඇතුළු පිරිසට එරෙහිව මහනුවර පොලිසිය විසින් 2021 අගෝස්තු 04 දින බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
ඒ අනුව අධිකරණය නිකුත් කළ නොතීසි මත අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමියන් ඇතුළු පිරිස 2021 අගෝස්තු 11 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයයේ පෙනී සිටියහ. එදින මහනුවර අතිරේක මහේස්ත්‍රාත් එම්.එච්. ෆරීක්ඩීන් මහතා විසින් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත සැකකරුවන් මුදා හරිනු ලැබීය. මේ වනවිට ගෙවුණු වසර පහක කාලය තුළ 13 වතාවක් නඩුව කැඳවා තිබේ.
