වෙළෙඳ සැලක ගින්නෙන් පවුලක් ජීවිතක්ෂයට

කඩුවෙල නගරයේ විද්‍යුත් උපකරණ අලෙවි සැලක අද (නොවැම්බර් 19) උදෑසන හටගත් ගින්නකින් මව, පියා හා දරුවන් දෙදෙනෙකු මරණයට පත්වී ඇත.

මරණයට පත්වූ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු අවුරුදු 6ක් වන අතර අනෙක් දරුවා අවුරුදු 2ක් බව වාර්තාවේ.

මරණයට පත්වූ එම පවුලේ සාමාජිකයන් ගිනිගත් විද්‍යුත් උපකරණ අලෙවි සැල පිහිටි ගොඩනැගිල්ලේ උඩු මහලේ පදිංචිව සිට ඇති අතර ගිනි නිවීම් භටයන් එම ස්ථානයට ලඟා වන විටත් ඔවුන් මරණයට පත්වී සිට ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

එම වෙළෙ සැලේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව වාර්තාවේ.

Author

Leave a Reply

Related Posts