Saturday, December 2

Culture

‘මනල්’ සහ චන්ද්‍රසේකරම්වාදී සිනමාව
Culture

‘මනල්’ සහ චන්ද්‍රසේකරම්වාදී සිනමාව

විසාකේස චන්ද්‍රෙස්කරම් විසින් අධ්‍යක්ෂණය කල ‘මනල්’ දමිල චිත්‍රපටය මේ දිනවල තිරගත වේ. මනල් යනු වැලි යන්නට දෙමල පදයයි. ඔහුගේ පූර්ව චිත්‍රපටය වූ ‘පාංශු’ සඳහා විෂය වූයේ 1988-89 මෙරට දකුණු ලංකාවේ වූ සන්නද්ධ නැගිටීම හා ඒ ආශ්‍රිත හිංසනීය සිදුවීම් පෙලය. මනල් සඳහා විෂය වී තිබෙන්නේ උතුරේ යුද්ධය හා සබැඳි සංසිද්ධීන් සමුදායකි. එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව සිට, කාලයක් රැඳවුම්භාරයේ සිට, යලි ගමට පැමිණෙන තරුණයෙක්, එම තරුණයාගේ පේන කියන මව හා ඔහුගේ යෞවන කාලයේ පෙම්වතිය වටා මනල් හි ආඛ්‍යානය නිර්මාණය වී තිබේ. පීඩක-පීඩිත ද්වෛතය කථාව සරලව මෙබඳුය ; රුද්‍රන් යනු හිටපු එල්ටීටීඊ සටන්කරුවෙකි. යුද්ධය අවසාන කාලයේ සිදු වූ තුවාල හා රැඳවුම්භාරයේ සිටිය දී ලද වධ හිංසාවල ප්‍රතිඵල ලෙස තරුණයාගේ එක් පාදයක් ආබාධිතය. මෙම ආබාධය නිසා, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුව රඳවන ලෙසට කල ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප වී, ඔහුට ඇප ල...
නීතියෙන් නො’ඇල්ලූ හොරු,විපුලිව අරගෙන ගිහිං – නිශ්මං රණසිංහ (සහ මියගිය කිවිඳිය ගැන ලියැවුණු තවත් සටහන් කිහිපයක්)
Culture

නීතියෙන් නො’ඇල්ලූ හොරු,විපුලිව අරගෙන ගිහිං – නිශ්මං රණසිංහ (සහ මියගිය කිවිඳිය ගැන ලියැවුණු තවත් සටහන් කිහිපයක්)

විපුලි නිරෝෂණි හෙට්ටිආරච්චි සටන්කාමි ගැහැණියක බව අපි දනිමු.ඇය මේ සමාජය ශුද්ධ කිරීමේ සටන සහ ඊ ළඟ පරම්පරාවට වඩාත් යහපත් ලෝකයක් තනා දීමේ උවමනාවෙන් දැඩිව පිරී උන්නාය.ඊට වන බාධා ගැන ඇය බෙහෙවින් සැලුනාය. විපුලි මට හමුවන්නේ රාවයේ සිටියදී ය.එහෙත් ඇය වඩාත් සමීප වන්නේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමේ සිදුවීමට මුහුණ දුන් දරුවන් වෙනුවෙන් සිඳු කරන අධ්‍යාපන වැඩ සටහනේදී ය.එයට ඉංග්‍රිසි ඉගැන්වීම සඳහා මගේ දුව සම්බන්ධ විය.ඇය එයට පුදුම කැමත්තක් දැක්වීය.ඇයට දුව කවෝදි නොවිණි.එය කිහිප වරක්ම නිවැරදි කළ ද විපුලි කීවේම කෞදි යනුවෙන්ය. ළමයිනගේ අනාගතය හොරු අරගෙන සිටීම ගැන ඇයට තිබුණේ දුකකි.ඒ හොරුන් අතින් උන්ට ගැලවී එන්න පාර කියා දීම සිය අරමුණ වූවාය.ඒ සඳහා විවිධ ක්‍රියාකාරකම්වලට ඇය සම්බන්ධ වූවාය.තව අයත් හවුල් කර ගත්තාය. මේ දිනවල අලෙවිවන මගේ ටෙටා යොවුන් නව කතාවේ සෝදුපත් බැලීමේ වැඩේ සිඳු කළේ විපුලිය. එය සිදු කර දෙ...
‘දැන් හැරී බලන්න – මේ අපේ ගම් දිහා’ : දීපචෙල්වන්ගේ ‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන !
Culture

‘දැන් හැරී බලන්න – මේ අපේ ගම් දිහා’ : දීපචෙල්වන්ගේ ‘රාත්‍රිය මත රතු කුරුල්ලෙක් ලැගගෙන !

පළමු වැනි ලෝක යුද්ධයේ විනාශයන් සිදු වූයේ වැඩි වශයෙන්ම සංස්කෘතික අසමත්වීම් නිසා යැයි තාගෝර් විශ්වාස කළේය . ඒ සංස්කෘතික අසමත්කම් ඇති වූයේ ජාතීන් තම දරුවන්ට අන්‍යෝන්‍ය අවබෝධය හා අන්‍යෝන්‍ය උපකාරය වෙනුවට ආධිපත්‍ය ඉගැන්වූ නිසා යැයි ඔහු තර්ක කළේය . කලාව කුමකටද? – ලියනගේ අමරකීර්ති( Not for profit ;Why Democracy Needs the Humanities – Martha C. Nasbaum කෘතියෙ සිංහල පරිවර්තනය) ජයග්‍රාහකයන් ඉන්න බැහැ පරාජිතයන් නැතිව .එසේ නොවන්න නම් අපි සියලු දෙනා දිනා සිටිය යුතුයි . නමුත් එක් පිරිසක් ජයග්‍රාහී උත්සව පවත්වනවා කියලා කියන්නෙ පරාජිතයෙක්ව නඩත්තු කිරීමයි . සුවපත් වෙමු – ගල්කන්දේ ධම්මානන්ද හිමි දෙවියනි ඔබ එනවදමා දෙමළෙන් අඬගැසුවොත් .දෙමළ මහා කවි සුබ්‍රමනියා භාරතී – සුනිල් ආරියරත්න පෙරේදා (29) සවස දීපචෙල්වන්ගෙ කාව්‍ය සංග්‍රහයක සිංහල පරිවර්තනය ජනගත කිරීම සාර්ථකව පැවැත් වී ඇති බව මුහුණු පොතේ පළවන ...
අලුත් පොතක් අත දරාගත් සන්නා! No stopping or turning back!
Culture

අලුත් පොතක් අත දරාගත් සන්නා! No stopping or turning back!

තරිඳු උඩුවරගෙදර උපුල් ශාන්ත සන්නස්ගලගේ අලුත්ම පොත No stopping or turning back මේ වෙද්දී විජේරාම හන්දියේ රෝයල් තැප්‍රොබේනියන් එකෙන් ගන්න පුළුවන්. ලොකුම ලොකු කාලෙකට පස්සේ සන්නස්ගල මුණගැහිලා මේ පොත මිලට ගන්න තැප්‍රොබේනියන් එකට ගියා. ඔහුගෙන් ලැබෙන සුපුරුදු මිත්‍ර ආශ්‍රය ලැබෙන අතරේම, පොතේ පිටු සීයකට වඩා එතැනදීම කියවන්න හැකි වුණා. මේ සටහන, පොත ගැන සම්පූර්ණ විචාරයක්ම නෙවෙයි. එහෙත්, පොත් කියවීම- සංස්කෘතිය- තැප්‍රොබේනියන්- සන්නා සහ මේ පොත ගැන වැදගත් යෝජනා කිහිපයක්. තැප්‍රොබේනියන් එකට ගොඩ වෙද්දී, සන්නස්ගල කතාබහක. පොත මිලට ගන්න ආ අයට පොත් අත්සන් කරමිනුයි හිටියේ. ඡායාරූපවලට පෙනී ඉන්න ගමන්. ඒ අතරතුරේ, මේ පොතේ කලාත්මක පිටකවරය නිර්මාණය කරපු පසන් තිලකවර්ධන පියානෝවේ ලස්සන වාදනයකත් නිරත වුණා. එක ක්ෂණයෙන් මේ අවකාශය සහ කලබලකාරී බුක් ෆෙයාර් එක අතර වෙනස වැටහුණා. බුක්ෆෙයා එකේ තියෙන්නේ කලබල...