Wednesday, October 4

Author: Anuranga Jayasinghe

අන්තර්ජාල මර්ධන පනතට එරෙහිව පළමු නඩුව වැටේ, නඩු ගණනාවක් ඉදිරියේදී
Top News

අන්තර්ජාල මර්ධන පනතට එරෙහිව පළමු නඩුව වැටේ, නඩු ගණනාවක් ඉදිරියේදී

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විසින් අද (03) සමාජ මාධ්‍ය මර්ධන පනතට එරෙහිව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. නඩු අංක SC/ SD/ 66/ 2023 යටතේ ගොනු කර ඇති මෙම පෙත්සම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට එරෙහිව යොමු කර ඇති පළමු පෙත්සමයි. ජනාධිපති නීතිඥ ආචාර්‍ය ජයම්පති වික්‍රමරත්න ඔහු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර, අද සිට අධිකරණය ඉදිරියේ මෙම පනත අභියෝගයට ලක් කරමින් නඩු පැවරීමේ හැකියාව සියලු පුරවැසියන්ට හිමි වෙනවා. ...
අන්තර්ජාල මර්දන පනත සභාගත කරයි! දැන් පනතට එරෙහිව ඔබට නඩු දාන්න පුළුවන්!
Top News

අන්තර්ජාල මර්දන පනත සභාගත කරයි! දැන් පනතට එරෙහිව ඔබට නඩු දාන්න පුළුවන්!

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කටයුතු කළ අතර, ඕනෑම පුරවැසියෙකුට එම පනතට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව දැන් විවෘත වේ. ආරංචිමාර්ග අනුව මෙම පනතට එරෙහිව නඩු 10කට වැඩි සංඛ්‍යාවක් ගොනු කිරීමට නියමිතය. මෙම අවස්ථාවේ නැගී සිටිමින් විපක්ෂය මෙම පනතට සම්පූර්ණයෙන් විරුද්ධ වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා නැගී සිටි කියා තිබුණි. මෙම පනත පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් විරෝධයක් පවතින බවත්, ජාත්‍යන්තර වශයෙන් අපි විත්ති කූඩුවෙන් එල්ලුම් ගස් යන බවත් ඔහු එහිදී කියා තිබේ. සන්නිවේදන විෂ්‍ය මාධ්‍යවලට අයිති බවත්, පොලිසිය භාර අමාත්‍යවරයාට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ගැන එහිදී ප්‍රශ්න කර තිබේ. මේ පනත මුලින්ම මේකට ක්‍රියා කරලා තිබුණේ 2016 දී නීති කොමිෂන් සභා දෙපාර්තමෙන්තුව හිටපු ආණ්ඩුව සමයේ බවත්, එම කෙටුම්පත වෙනස...
සමුගනිද්දී නිලූක කී සංවේදී කතාව!
Sports

සමුගනිද්දී නිලූක කී සංවේදී කතාව!

බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් වසර විස්සකට අධික කාලයක් ශ්‍රී ලංකාව නියෝජනය කළ නිලූක කරුණාරත්න ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. මේ වෙද්දී 38 හැවිරිදි නිලූක කරුණාරත්න මහාද්වීප පහකදී ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයෙක්. අවස්ථා තුනකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ නිලූක, පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලවල් 5කට සහභාගී වී තිබෙනවා. නිලූක වයස අවුරුදු 15 සිට ශ්‍රී ලංකාව නියෝජනය කර තිබෙන අතර, 2001 දී වයස අවුරුදු 16ක්ව සිටියදී ජාතික මට්ටමේ ශූරතාවක් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ජාත්‍යන්තර තරගාවලි 34කදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පදක්කම් දිනූ ඔහු, සමුගැනීමේදී මෙසේ සටහනක් තබා තිබුණා. ‘සමුගැනීම සම්බන්ධයෙන් කාලයක් තිස්සේ හිතුවා. ගොඩක් තරුණ ක්‍රීඩකයන් බිහිවෙමින් පවතිනවා. මගේ වෘත්තිය ක්‍රීඩා දිවියෙන් නික්ම යෑමට වෙලාව ඇවිත්ත තියෙනවා. අනාගතයේදී මට වඩා...
ඔන්ලයින් මර්දන පනත ගොඩ දාන්න අරුණෙන් ලොකු මෙහෙයුමක්! ගෝඨාගේ හෙංචයියෙකුත් ලියයි!
Top News

ඔන්ලයින් මර්දන පනත ගොඩ දාන්න අරුණෙන් ලොකු මෙහෙයුමක්! ගෝඨාගේ හෙංචයියෙකුත් ලියයි!

දිලිත් ජයවීරගේ අරුණ පුවත්පත මේ වන විට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත (OSA) වෙනුවෙන් ප්‍රචාරක ව්‍යාපෘතියක් ගෙන යන බව පෙනෙන්නට තිබෙනවා. දිලිත් ජයවීර දෙරණ රූපවාහිනී නාළිකාවේ හිමිකරුවාද වන අතර, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට ඉඟි කර තිබෙනවා. මෙවැනි අන්තර්ජාල මර්දන පනත් මර්දනය කිරීම සඳහා ප්‍රධාන ධාරාවේ ඇතැම් මාධ්‍ය විසින් සහයෝගය පළ කරන රැල්ලක් ලෝකය පුරා දකින්නට තිබෙනවා. අන්තර්ජාලය ගැන බිය ඇති කරන පුවත් දිගින් දිගටම ප්‍රධාන ප්‍රවෘත්ති ලෙස තෝරාගැනීම එහි දිගුවක්. ඉරිදා අරුණ මෙන්ම පසුගිය සතියේ අරුණ පුවත්පතකද ප්‍රධාන ප්‍රවෘත්තිවලින් ‘පරිගණක අපරාධ‘ සහ ‘අන්තර්ජාල අපරාධ‘ ආදිය ඉස්මතු කර තිබුණා. ඊට අමතරව මෙම මර්දන පනත සාධාරණීකරණය කරමින් සී.ඒ. චන්ද්‍රප්‍රේම නම් ගෝඨාභය රාජපක්ෂ හිතවතාගේ විශාල ලිපියක්ද අරුණ පුවත්පත පළ කර තිබෙනවා. ඉරිදා අරුණ පුවත්පතට අනීෂා මානගේ ලියා තිබුණු ප්‍රධ...
කැලණි ගඟට අසූචි දැම්ම කර්මාන්ත හිමියන්, ජල බිල අඩු කරගන්න පස්ස දොරෙන් සාකච්ඡා! (Investigation)
Top News

කැලණි ගඟට අසූචි දැම්ම කර්මාන්ත හිමියන්, ජල බිල අඩු කරගන්න පස්ස දොරෙන් සාකච්ඡා! (Investigation)

සාමාන්‍ය ජනතාව දරාගත නොහැකිව සිටින මුත්, කර්මාන්තශාලා ආදී ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ආයතනවල ජල සහ විදුලි බිල අඩු කරවාගැනීමට ඒවායේ හිමිකරුවන් වූ ධනවතුන් බලපෑම් කරමින් සිටින බව සන්ඩේ ටයිම්ස් වාර්තා කර තිබුණා. අප ඉතිහාසයේ සැඟව ගිය විගණකාධිපති වාර්තාවක් ඇසුරෙන් මේ ප්‍රවෘත්තියට අදාල කරුණු ගවේෂණයක් සිදු කළා. අපට ඉතාම වැදගත් කාරණයක් පෙන්වාදෙන්න අවශ්‍යයි. මෙය ඉතාම නරක, නින්දිත ක්‍රියාවක් බවට පත් වෙන්නේ සාමාන්‍ය ජනතාව ජල බිලේ බර නිසා පීඩා විඳින විට කර්මාන්ත හිමි සුපිරි ධනවතුන් එයින් නිදහස් වන නිසා විතරක්ම නෙවෙයි. ඊටත් එහා ගිහින්, ලංකාවේ ජල නිෂ්පාදන පිරිවැය ඉහළ දාන්නට හේතු වෙච්ච මහා විනාශයක් කරමින් ඉන්නේ ඔය කර්මාන්ත හිමියන් තමයි. ඔය කර්මාන්ත හිමියන් නිසා, අද කැලණි ගඟේ තියෙන්නේ අසූචි. ඔව්, මිනිස් අසූචිවල සිටින බැක්ටීරියා කැලණි ගඟේ සිටිනවා. ඒ බැක්ටීරියා ඉවත් කරලා පිරිපහදු කරන්නට, ජල සම්පාදන මණ්ඩල...
දෑකැත්තයි මිටියයි එක්ක, මහමැතිවරණයක් ඇවිත් මාලිමාව පැරදෙයිද?
Opinion

දෑකැත්තයි මිටියයි එක්ක, මහමැතිවරණයක් ඇවිත් මාලිමාව පැරදෙයිද?

ජාතික ජන බලවේගයට බස් හෝල්ට් නඩුවක් වැටුණ හැටි ඔබ දකින්න ඇති. බස් හෝල්ට් නඩුව අස්සේ, ජාතික ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණයකදී වාසි ලබාවි කියලා, අලුත්ම ගිමික් එකකට ආණ්ඩුව ඇතුළේ සාකච්ඡා තියෙන බව අපට ආරංචි වුණා. ඒ තමයි, සියලු මැතිවරණ අතරින් ජවිපෙට අවාසි මැතිවරණය මුලින් පවත්වන එක. අපි ඒවා ගැන කතා කරමු. බස් හෝල්ට් එක ගැන වැදගත් කාරණයක් තියෙනවා. ඉදිරි ඡන්ද ළං වෙනකොට ප්‍රධාන ධාරාවේ මැතිවරණ දේශපාලනය තුළ සියල්ලන්ගේ සතුරා ලෙස මාලිමාව මතු වෙනවා. මේ බස් හෝල්ට් කතාව ඇතුළේ, ඒ හතුරාට දෙන ප්‍රහාරයේ හැඩතල පේනවා. ඒ කතාව වැඩිදුර විස්තර කරන්නම් පසුවට. ඊට කලින් අපට ආණ්ඩුව පැත්තෙන් ඇහෙන ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණය පැවැත්වීමේ සැලසුම් ගැන මතු කරන්නම්. මේ සැලසුම අපි හිතනවාට වඩා දරුණු විදියට මාලිමාවට බලපාන කාරණයක්. බැසිල් රාජපක්ෂ පාර්ශ්වය වගේම සමගි ජන බලවේගයත් මහමැතිවරණයකට කැමැත්තක් දක්...
ශ්‍රී ලංකාවේ බිහිසුණු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය! – ලෝප්‍රකට විශේෂඥ ජායතී ගොෂ් නැවත ලංකාව ගැන කතා කරයි
Business

ශ්‍රී ලංකාවේ බිහිසුණු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය! – ලෝප්‍රකට විශේෂඥ ජායතී ගොෂ් නැවත ලංකාව ගැන කතා කරයි

ජායතී ගොෂ් සහ කාංචනා රුවන්පුර ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු, අගමැති මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කරන ලද අරගලය ලෙස හැඳින්වූ දැවැන්ත විරෝධතා ව්‍යාපාරය අවසන්ව වසරකට පසු ශ්‍රී ලාංකිකයන් නැවත වතාවක් වීදියට පැමිණ සිටී. පොදුජන අතෘප්තිය යළි හිස එසවීමට පෙළඹවූ හේතුව වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය අතර ඇති කර ගත් ගිවිසුමයි. රටේ දැන් පවතින ගෙවුම් ශේෂ අර්බුදය ඉලක්ක කරගත් මෙම ගිවිසුම, වසර හතරක කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව ඇත්තේ - ඩොලර් බිලියන 3ක්- තරම් රටේ ණය සේවාකරණ අවශ්‍යතාවලට සාපේක්ෂව ඉතා සොච්චම් මුදලක් මෙන්ම 2022 දී ඩොලර් බිලියන 18ක් වූ එරට විදේශ විනිමය ආදායම්වලින් හයෙන් එකක් තරම් කුඩා අගයකි. මෙම හදිසි ණය මුදලට හිලව් වන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි ශ්‍රී ලංකාවේ වැටුප් සහ ජීවන වියදම් අර්බුදය...
ටාටා සභාපති හදිසියේ ලංකාවට, දේශපාලන සාකච්ඡා!
Business

ටාටා සභාපති හදිසියේ ලංකාවට, දේශපාලන සාකච්ඡා!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කරන ලද ආරාධනයකට අනුව නව ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ඉන්දියාවේ විශාලතම ව්‍යාපාරික සමූහය වන Tata Sons හි සභාපති නටරාජන් චන්ද්‍රසේකරන් ශ්‍රී ලංකාවට පැමිණ සිටී. Tata Sons යනු ටාටා මෙහෙයුම් සමාගම් 100 කට අධික ප්‍රමාණයක හිමිකරු සහ ප්‍රවර්ධකයා වන අතර සමස්ථ ආදායම ඩොලර් බිලියන 150 ඉක්මවයි. සේවකයින් 100,000 කට ආසන්න ප්‍රමාණයක් සහ වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියන 288 කි. එහි ව්‍යාපාරික අධිරාජ්‍යය තොරතුරු තාක්ෂණ සහ ඩිජිටල්, වානේ, ඔටෝ, පාරිභෝගික සහ සිල්ලර වෙළඳාම, යටිතල පහසුකම්, මූල්‍ය සේවා, ගුවන් අභ්‍යවකාශ සහ ආරක්ෂක, සංචාරක සහ සංචාරක, ටෙලිකොම් සහ මාධ්‍ය, වෙළඳාම සහ ආයෝජන, ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ඇතුළත් වේ. ජුලි 16 වැනිදා සවස් වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි චන්ද්‍රසේකරන් විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන, විදුලි වාහන සහ විවේක ක්ෂේත්‍රයේ නව අවස්ථා පිළිබඳව සාකච්ඡ...
ජනපති කීවේ බොරුලු! වී මිලට ගන්නේ සොච්චමටලු!
Top News

ජනපති කීවේ බොරුලු! වී මිලට ගන්නේ සොච්චමටලු!

යල කන්නයේ අස්වනු නෙළීම ආරම්භ වීමට ආසන්නවීමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිල දරාගන්නට නොහැකි මට්ටමට පහළ වැටී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඇම්. පුංචිරාල දිවයින පුවත්පතට කියා ති‍බේ. ඔහු කියා තිබුණේ තෙත බර සහිත නාඩු වී කිලෝවක් රුපියල් 65 බැගින්ද, හොඳින් වේලූ වී කිලෝවක් රුපියල් 75 සිට රුපියල් 80 අතර මිල ගණන්වලට පෞද්ගලික වෙළඳුන් ගොවියන්ගේ නිවෙස්වලට පැමිණ මිලට ගැනීමට පුරුදු වී ඇති බවය. ආණ්ඩුව ප්‍රාදේශීය මට්ටමෙන් ගබඩා විවෘත කොට වී අවෙි මණ්ඩලය මගින් වී කිලෝවක් රුපියල් 95 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව මාධ්‍යවලින් පුරසාරම් කීවත්, එය මහපොළොවේ ක්‍රියාත්මක නොවන බව ඔහු ප්‍රකාශ කර තිබුණේය. වර්තමානයේ රසායනික පොහොර මිල, කම්කරු කුලිය සහ යන්ත්‍ර කුලිය දරාගන්නට අසීරු තරම් ඉහළ ගොස් ඇති නිසා, ගොවියෙකුට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට 100ක්- 110ක් අතර මුදලක් වැය ව...
තාඹුගලගේ අවුරා මියුසික් ෆෙස්ටිවල් එකට, රාජාංගණේ විරෝධයක් ඇයි?
Opinion

තාඹුගලගේ අවුරා මියුසික් ෆෙස්ටිවල් එකට, රාජාංගණේ විරෝධයක් ඇයි?

මේ වන විට අවුරා ලංකා මියුසික් ෆෙස්ටිවල් කියන ප්‍රසංගය අවස්ථා 8කදී පවත්වා තිබුණි. මෙවර එහි 9 වැනි ප්‍රසංගය රාජාංගණය යාය 18 ප්‍රදේශයෙන් ආරම්භ විය. මීට පෙර අවස්ථාවලට වඩා වෙනස්ව, මෙවර රාජාංගණය ප්‍රදේශයේ ‍ගොවි සංවිධාන සහ ගොවියන් සමග ඒකාබද්ධව වැඩ කරන ක්‍රියාකාරීන් බොහොමයක් පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණි. මීට වසර දෙකකට පෙර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියදී අවුරා ලංකා සමාගම පිළිබඳ මුලින්ම අවධානය යොමු විය. 2021 අගෝස්තු 30 වැනිදා කැබිනට් මණ්ඩලයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් අවුරා ලංකා සමාගමට ඉඩම් අක්කර 104,066ක් ලබා දීමර තීන්දු කළේය. එය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුළු ඉඩම් ප්‍රමාණයෙන් සීයට 6ක් තරම් අති දැවැන්ත ප්‍රමාණයකි. එපමණක් නොව, විවිධාකාර නීතිවිරෝධි සහ බලහත්කාර ක්‍රම පවා යොදාගන...