ගෝඨාභයගේ අවසරයෙන් සහරාන් ඇතුළු දහස් ගාණකට පඩි ගෙව්වේ සලේ – සරත් ෆොන්සේකා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් ඇතුළු දහස් ගණනක පිරිසකට වැටුප් ගෙවීම පිටුපස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිටින බවට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ.

පසුගිය 8 වෙනිදා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, මෙම වැටුප් ගෙවීම් සියල්ල සිදු කෙරුණේ හිටපු ජනාධිපතිවරයාගේ සෘජු අනුදැනුම හා අනුමැතිය මත සුරේෂ් සලේ විසින් බවයි.

සුරේෂ් සලේ නමැති නිලධාරියා හමුදා වෘත්තිකයකුට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලඟම හිතවතකු හා ‘වහලකු’ ලෙස කටයුතු කළ අයකු බවත්, රාජපක්ෂවරුන්ගේ උපදේශකයකු ලෙස ක්‍රියා කළ ඔහු ජනාධිපතිවරයාගේ අණින් තොරව කිසිදු පියවරක් නොගත් බවත් ෆොන්සේකා මහතා පැවසීය.

සලේ කියන්නේ යුධ හමුදාපති කාලේ කර්නල් කෙනෙක් වෙන්න ඇති. බුද්ධි අංශයේ ප්‍රධාන තනතුරු වලින් මම එයාව ඉවත් කරලා තිබුණේ. මම ඉවත් කළාම ගෝඨාභය රාජපක්ෂ එයාව සහ කපිල හෙන්දවිතාරණව ආරක්ෂක අමාත්‍යංශයට අරගෙන ගෝඨාභය රාජපක්ෂ යටතේ තියාගෙන හිටියා. ගෝඨාභය රාජපක්ෂගේ කොළඹ සහ කොළඹ අවට බුද්ධි කටයුතු කරගෙන තමයි එයා හිටියේ. නැතුව උතුරු නැගෙනහිර බුද්ධි කටයුතු ගැන සොයා බැලීමක් සිදු කළේ නෑ.

එතකොට ඒ කාලේ සලේ ලා බටහිර කොළඹ බුද්ධි කටයුතු තමයි කර කර හිටියේ. ඔය බුද්ධි කටයුතු සාර්ථක නැති හින්දා තමයි හමුදා මූලස්ථානය ඇතුලටම ඇවිල්ලා ත්‍රස්තවාදීන් පහර දුන්නේ. අපි කරපු මෙහෙයුමට සලේලා කොළඹ ඉඳන් කරපු බුද්ධි තොරතුරු ප්‍රයෝජනවත් වුණේ නෑ. යුද්ධෙ ඉවර වුනාට පස්සේ සලේලාගේ සේවය ගෝඨාභය රාජපක්ෂලාට තමයි සැපයුනේ. 2010 ජනාධිපතිවරණය වෙලාවේ වව්නියාවේ සහ නැගෙනහිර බෝම්බ පුපුරන්න පටන් ගත්තා. ද්‍රවිඩ ජනතාව භය කරන්න තමයි ඒ බෝම්බ පිපිරෙව්වේ. ඒ වෙලාවේ සලේ හිටියේ වව්නියාවේ. මන් පුද්ගලිකව විශ්වාස කරනවා ඒ බෝම්බ පිපිරීම් ගැන සලේ දන්නවා කියල.

එයා ඒ වෙලාවේ රාජපක්ෂලාගේ අවශ්‍යතාවය වෙනුවෙන් තමයි වැඩ කළේ. ඔහු වැසිකිලියටවත් ගියේ නැතුව ඇති ගෝඨාභයගේ අනුමැතිය නැතුව. ඒ තරමට ඔහුගේ ළඟින්ම හිඳ ඔහුගේ පුරුහිතයෙක් වගේ ඉඳපු පුද්ගලයෙක්.

සහරාන්ලා වීරයෝ කළේ සලේ. සහරාන් ඇතුළු තව දහස් ගණනකට පඩි ගෙව්වේ සලේ. ඒ යුද්ධෙකුත් නැති කාලේ. යනුවෙන් සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

Author

Related Posts