ගෝඨාගේ රට යෑමේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශනයට අදාළව තමන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැම්බර් 25) ප්‍රතික්ෂේප කර ඇත.

ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සිය නීතිඥයින් මාර්ගයෙන් ඉදිරිපත් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් එම ප්‍රතික්ෂේප කිරීම සිදුකර ඇත.

එහිදී කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ එම නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කරනවාද නැද්ද යන්න පිළිබඳ කඩිනමින් විමර්ශනය කර අධිකරණයට දන්වන ලෙසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීම සහ ඊට අදාළ විමර්ශන නොමඟ යැවීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඇතුළු සැකකරුවන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබේ.

Author

Leave a Reply

Related Posts