සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත ලබන දෙසැම්බර් 04 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැම්බර් 25) නියෝග කර ඇත.
2015 – 2018 සමයේ ප්‍රෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ්හි සිදුව ඇතැයි පැවසෙන රුපියල් ලක්ෂ 31කට අධික මුදලක් සේවක අතිකාල දීමනා වංචාවකට අදාළව ආනන්ද පාලිත මහතාට ඒරෙහිව චෝදනා ඒල්ල වී ඇත.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් නොවැම්බර් 17 වැනිදා අත්අඩංගුවට ගත් සැකකරු අද පෙරවරුවේ බන්ධනාගාරය මගින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන හමුවට ඉදිරිපත් කර ඇත.
එහිදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කරුණු දැක්මින් කියා ඇත්තේ ප්‍රෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ්හි අතිකල ලබා ගැනීමට හැකි වන්නේ සවස 4.45න් පසුව වුවත් අතිකාල දීමනා ලබා ගැනීමට සැකකරු එම කාල වේලාවේ රාජකාරී කර නොමැති බවයි.
ඒ අනුව සාපරාධී ලෙස පරිහරණය වී ඇති මුදල් ප්‍රමාණය රුපියල් 100,000ට අධික බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත.
සැකකාර ආනන්ද පාලිත වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සමග ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය ඇප ඉල්ලීමක් සිදුකර ඇති අතර එහිදි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණයට පවසා ඇත්තේ පොදු දේපල පනතේ අර්ථ නිරූපණයට අනුව කිසිම ආකාරයෙන් සමාගමක දේපල මීට අදාළ නොවන බවයි.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල් ලිමිටඩ්හි කොටස් ප්‍රමාණයෙන් සියයට 60ක් රජය සතු බවයි.
