ජොන්ස්ටන්ට අවුරුදු පහකට අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කරයි

නීති විරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට කොළඹ කොටුවව මහේස්ත්‍රාත් අධිකරණය සවිින් අද (නොවැම්බර් 25) අත්හිටවු සිරදඬුවම් හා දඩ නියම කර තිබේ.

මෝටර් රථවාහන පනත යටතේ ඔහුට එරෙහිව චෝදනා තුනක් ඉදිරිපත් කර තිබූ අතර එම චෝදනා සියල්ලටම ඔහු වරදකරු කර තිබෙන අතර අත්හිටවු සිරදඬුවමට එරෙහිව ඔහුට රුපියල් එක් ලක්ෂ තිස්දහසක දඩ මුදලක් නියම කර තිබේ.

ඊට අමතරව නීති විරෝධිව එකලස් කර සන්තකයේ තබාගත් වාහනය රාජසන්තක කිරීමටද නියෝග කර තිබේ.

ඒ අනුව පළමු චෝදනාවට රුපියල් පන් දහසක දඩයක් නියම කර ඇති අතර එය නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිරදඬුවමක් නියම කර තිබේ.

දෙවන චෝදනාවට රුපියල් ලක්ෂයක දඩ මුදලක් හා මාසයක බරපතල වැඩ සහිත සිරදඬුවවමක් නියම කරමින් එම සිරදඬුවම වසර පහක කාලයකට අත්හිටුවා ඇත. තවද එම චෝදනාවට නියමකර ඇති දඩ මුදල නොගෙවන්නේ නම් ඒ සඳහා මාස හයක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.

තුන්වෙනි චෝදනාවට රුපියල් විසිපන්දහසක සිරදඬුවමක් නියම කර ඇති ඇති අතර එය නොගෙවන්නේ නම් මාස තුනක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇත.

Author

Leave a Reply

Related Posts