ගිහියෝ ගිහියන්ගේ සීමාව දැනගෙන කටයුතු කළ යුතු බවත්, “අපිව මහණ කරන්න උඹලා සිල් අරගෙන වරෙල්ලා, එතකොට අපි මහණ වෙන්නම්” යනුවෙන් භික්ෂූන්ගේ මහණකම සම්බන්ධයෙන් මාධ්ය වෙත ප්රකාශයක් කරමින් සමන්තභද්ර මාධ්ය වෙත ප්රකාශ කර තිබේ.
ඥානසාරට පිරිනැමූ ජනාධිපති සමාව අහෝසි කිරීමට එරෙහිව සහ භික්ෂූන්ගේ මහණකම සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේ එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් සමන්තභද්ර මාධ්ය වෙත මෙලෙස පවසා තිබේ.
එහිදී ඥානසාරගේ ජනාධිපති සමාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, මෙය ඥානසාර පමණක් පිරිනැමූ විශේෂ සමාවක් නොවන බවයි. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් පුද්ගලයින් 720 දෙනෙකුට ජනාධිපති සමාව ලබා දී ඇති බවත්, ඉන් 719 දෙනෙකුගේ සමාව නිවැරදි වී එක් අයෙකුගේ පමණක් වැරදි වන්නේ කෙසේදැයි සමන්තභද්ර මෙහිදී ප්රශ්න කළේය. එම නිසා දුටුගැමුණු රජතුමාට නිමකිරීමට නොහැකි වූ චෛත්යය සද්ධාතිස්ස රජතුමා නිම කළාක් මෙන්, වත්මන් ජනාධිපතිවරයා මැදිහත් වී මෙම තීරණය නැවත බලාත්මක කර ප්රශ්නය විසඳිය යුතු බව සමන්තභද්ර අවධාරණය කරයි.
එසේම ඥානසාර සරමක් ඇඳගෙන උසාවි බස් රථයේ ගමන් කරන අයුරු දැක රටේ ජනතාව කම්පාවට පත්වූ බවත්, එය ආණ්ඩුවටද යහපත් නොවන බැවින් ජනාධිපතිවරයා මේ සඳහා වහා මැදිහත් විය යුතු බවත් සමන්තභද්ර පවසා තිබේ.
අපි මහණ කරන්න උඹලා සිල් අරගෙන වරෙල්ලා. එතකොට අපි මහණ වෙන්නම්. අනික් කවුද ඔය කියන උපාධ්යායන් වහන්සේලා? ඒ ඔය කියන උපාධ්යායන් වහන්සේලාගේ නම් ගම් කියන්න. එතකොට අපි මහණ වෙන්න එන්නම්. පත්කඩ එහෙම සිවුරු පිරිකර අරගෙන, මේ හාමුදුරුවරු මහණ කරන්න ගිහින්ට අයිතියක් නැහැ. ගිහියෝ ගිහියන්ගේ සීමාව දැනගෙන කටයුතු කරන්න ඕනේ. භික්ෂූන් වහන්සේලා කටයුතු කරන්නේ අවුරුදු දහස් ගානක් තිස්සේ එන සම්ප්රදායක්, විනයක් අනුව. යනුවෙන් සමන්තභද්ර වැඩිදුරටත් පවසා තිබේ.
