Anthropic සමාගමේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 1.76ක් දක්වා ඉහළට

කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ක්ෂේත්‍රයේ වේගයෙන් ඉදිරියට පැමිණ ඇති Anthropic සමාගම කොටස් වෙළෙඳපොළට පිවිසීමත් සමග එම සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.76ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කොටසක් ඇමරිකානු ඩොලර් 83ක ආරම්භක මිලකට නිකුත් කර තිබූ Anthropic කොටස් මිල වෙළෙඳාම ආරම්භ වීමත් සමඟ සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, කොටසක මිල ඩොලර් 111.53ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර, එමඟින් සමාගමේ වෙළෙඳපොළ වටිනාකම ඩොලර් ට්‍රිලියන 2කට ආසන්න මට්ටමකට ළඟා වී ඇත. කෙසේ වෙතත්, දිනය අවසානයේදී කොටසක මිල ඩොලර් 97.17ක් ලෙස සටහන් වී ඇත.

මේ අතර, Anthropic සමාගමේ ඉදිරි කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයට බලපෑම් කළ හැකි කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතය පාලනය කිරීම සඳහා නව නීති රෙගුලාසි හඳුන්වාදීමේ හැකියාව ප්‍රධාන සාධකයක් ලෙස විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

Anthropic සමාගම පිහිටා ඇති ඇමරිකා එක්සත් ජනපදය තුළ 2027 වසරේදී ඩිමොක්‍රටික් පක්ෂයට වැඩි දේශපාලන බලයක් හිමි වී ඇති පසුබිමක, AI තාක්ෂණයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීතිමය සීමාවන් පැනවිය යුතු බවට එම පක්ෂයේ දේශපාලනඥයන් කිහිපදෙනෙකුම අදහස් පළ කර තිබේ.

කෙසේ වෙතත්, මේ වන විට ෆෙඩරල් මට්ටමින් එවැනි දැඩි නියාමන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක වීමේ හැකියාව අවම බව සඳහන් වේ.

Author

Leave a Reply

Related Posts