2027 අයවැය යෝජනා මගින් සිය වෘත්තීය ගැටලුවලට කිසිදු විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට ඊයේ (නොවැම්බර් 19) රැස්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
වෛද්‍යවරුන්ගේ ප්‍රධාන ඉල්ලීම් පහක් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වී තිබේ.
ඒ අනුව, අනුමත සමස්ත DAT දීමනාව ලබාදීම, අත්හිටුවා ඇති තුනෙන් එකක අමතර රාජකාරි හා නිවාඩු දින දීමනා වහාම යළි ස්ථාපිත කිරීම, DAT දීමනාව බදුවලින් නිදහස් කිරීම, 22/99 චක්‍රලේඛය යටතේ ප්‍රවාහන පහසුකම් සඳහා සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් අන්තර්ග්‍රහණය කිරීම සහ බදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීම එම ඉල්ලීම් අතරට ඇතුළත් වේ.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් මාස තුනකට වැඩි කාලයක සිට සාධනීය සාකච්ඡාවක් ඉල්ලා සිටියද බලධාරීන්ගෙන් මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවද එම සංගමය පවසා ඇත.
ජනාධිපතිවරයා ඇතුළු රජයේ පාර්ශ්වයෙන් මේ සම්බන්ධයෙන් සාධනීය මැදිහත්වීමක් සිදු නොවන්නේ නම් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද එම සංගමය අවධාරණය කර තිබේ.
