අත්අඩංගුවට ගෙන මාතලේ පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි මහනුවර, අම්පිටිය, දිලෙනගම ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි පුද්ගලයෙකු අද (නොවැම්බර් 20) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පවසා ඇත්තේ, සිර මැදිරියේ රඳවා සිටියදී හදිසියේ රෝගාතුර වූ සැකකරු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අලුයම 12.45ට පමණ මියගොස් ඇති බවයි.
සැකකරු ඊයේ (19) මාතලේ, හිත්ගොල්ල ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3,010ක් සන්තකයේ තබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.
