Wednesday, October 4

Politics

සනත් නිශාන්ත නාමල්ට ලැජ්ජා කළාද?
Politics

සනත් නිශාන්ත නාමල්ට ලැජ්ජා කළාද?

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2019 දී තංගල්ලේ පැවැත්වූ විවාහ උත්සවයේ ලක්ෂ 26ක විදුලි බිල සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ගෙවා ඇති බව වාර්තා විය. මේ පිළිබඳ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා ඇත්තේ තමන්ගේ නමට හිඟ විදුලි බිලක් නොතිබුණු බවත්, 2019 දී පැවති විවාහයට අදාල බිලක් සනත් නිශාන්ත ගෙවා ඇති බවත්ය. එනම්, ඔහු සිතා ඇත්තේ ඔහු කසාද බඳිනකොට බිලක් නිකුත් නොකොට නිකම්ම විදුලිය ලබා දීමට මේ රටේ බදු ගෙවන ජනතාව බැඳී සිටින බවයි. එය නාමල් රාජපක්ෂ වැනි දේශපාලනඥයන්ගේ පරාධීන මානසිකත්වය මනාව තහවුරු කරන්නකි. අනෙක් පැත්තට සනත් නිශාන්ත විසින් නාමල් රාජපක්ෂගේ හිත දිනාගනු පිණිස බිල ගෙව්වත්, තමන්ගේ නමට බිලක් නැතැයි කයිවාරු ගසමින් සිටි නාමල් රාජපක්ෂට එය ලැජ්ජාවක් ලෙස දැනෙන්නට ඇත. ...
මළමිනිය ඇවිද්දේ ඇයි?
Politics

මළමිනිය ඇවිද්දේ ඇයි?

මහින්ද මහත්තයා ලෙඩ වෙලා, සැප්තැම්බර් 27 වැනිදා සමාජ මාධ්‍යවල ප්‍රවෘත්ති හුවමාරු වෙද්දී හැමෝම කතා කරමින් ඒ ගැන අහන්න ගත්තා. ඉතින්, කට්ටියට මළමිනිය ඇවිද්දවන්න සිද්ධ වුණා. ඒ මුල් දවසේම මහින්ද රාජපක්ෂ පාමංකඩ සීමා විහාරයට ගිහින් වල්පොළ පියනන්ද හාමුදුරුවන් හම්බවෙලා වැඩසටහනක් කළා. ඉන් පස්සේ මහින්ද රාජපක්ෂගේ මළමිනිය චුට්ටක් එහේ මෙහේ ඇවිද්දවන්නට ඔහුට සමීප අය කටයුතු කළා. ඉතාම පැහැදිලිව මහින්දගේ කෙටි අදහස් දැක්වීම්වලින් පවා ඔහුගේ සිහිබුද්ධිය හෝ මානසික මට්ටම ස්ථාවරත්වයක තියෙන බව පෙනෙන්නේ නෑ. ඒත්, මහින්ද තවමත් ඇවිදිනවා. ඔහු කැලණි විහාරය ආදී ස්ථාන රැසකට ගියා. තවමත් වියපත් උපාසක අම්මලා නම්, ‘මහින්ද මහත්තයාට‘ පරණ විදියටම වන්දනාමාන කරනවා. යටහත් පහත්ව. එහෙත්, ඔහුගේ කතා කිරීමේ නොහැකියාව මනාව පෙනෙන්න තිබුණා ඒ ඇවිදින අවස්ථාවල. හරි මාධ්‍යවේදීන් ප්‍රශ්න දෙකක් ඇහුවා නම් මහින්දගේ මට්ටම මනාව හෙළිදරව් කරගන...
ඔන්ලයින් පනතේ නිරුවත චන්ද්‍රසේන හෙළි කරයි! තාඹුගලවත් ඇදගනී!
Politics

ඔන්ලයින් පනතේ නිරුවත චන්ද්‍රසේන හෙළි කරයි! තාඹුගලවත් ඇදගනී!

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත හෙවත් ඔන්ලයින් සේෆ්ටි ඇක්ට් එකේ නිරුවත අප විශේෂයෙන් හෙළිදරව් කරගන්නට දෙයක් නෑ. එය හුදෙක් සත්‍ය වෙනුවෙන් ඇති කරපු පනතක් නෙවෙයි. දේශපාලුවන්ගේ කැත වැඩ හෙළිදරව් වීම වැළැක්වීමට ගෙනා පනතක්. පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවති රැස්වීමකදී පොදුජන පෙරමුණේ දේශපාලනඥයෙකු වන එස්.එම්. චන්ද්‍රසේන මෙසේ පවසා තිබුණා. ‘සමාජ මාධ්‍ය ජාලාවලින් නිරන්තරයෙන්ම සංසරණය වන සමහර ප්‍රවෘත්ති ඉතා කණගාටුදායකයි. මම ඉඩම් ඇමතිවරයා හිටපු කාලයේ තාඹුගල මහතාගේ ඇලෝවේරා වගාව සඳහා ඉඩම් අක්කර එක්ලක්ෂ දෙදාහක් දුන්නා කියලා සමාජ මාධ්‍ය ජාලාවල නිරන්තරයෙන් සංසරණය වුණා. මට විශාල මඩ ප්‍රහාරයක් එල්ල කළා. මම එක බිම් අඟලක් දීලා නැහැ. මම වගකීමෙන් කියන්නේ. ප්‍රවෘත්ති විකෘති කරලා මට මඩ ගැහීම් කරන්නේ. මේ සමාජ මාධ්‍ය යම්කිසි ආකාරයකින් පාලනය කරන්න සිදුවෙනවා. මේ වගේ වැරදි ප්‍රවෘත්ති න...
රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?
Politics

රනිල් ජනාධිපතිවරණය කලින් කැඳවන්න යයි! නෑ කිව්ව සල්ලි මතුවෙයි! ඒත්, ව්‍යවස්ථා අර්බුදයක්ලු?

ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වීමට තීරණය කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග තහවුරු කර ඇතැයි මව්බිම පුවත්පත වාර්තා කර ඇත. ඒ අනුව මෙතෙක් මැතිවරණයක් සඳහා මුදල් නොමැති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, මෙම සාකච්ඡාවේදී මැතිවරණයකට මුල් ලබා දීම පිළිබඳ කතාබහ කර ඇති බවත් එම වාර්තාවේ සඳහන්ය. කෙසේ වෙතත් අප කළ විමසීම්වලදී වාර්තා වුණේ, ජනාධිපතිවරණයක් ලබන වසරේ මුල පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූල පසුබිමක් නොමැති බවයි. ජනාධිපතිවරණය ලබන වසර අවසානයේ පැවැත්වීමට නියමිතව තිබුණද එය ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වෙනු ඇතැයි ආණ්ඩුවට සම්බන්ධ එම ආරංචිමාර්ග ප්‍රකාශ කළේයැයි මව්බිම පුවත්පතේ වැඩිදුරටත් සඳහන් වේ. ඒ සඳහා ලබන වසරේ අයවැයෙන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට තීරණය කර ඇති බවද එහි වාර්තා කර ඇත. ඒ අනුව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට අලුතින් පත් වූ සභාපති ආර්.එම්.එල්. රත්නායක ඇතුළු කොමිෂන් සභාවේ නිලධාරී...
ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා
Politics, Top News

ගිනි තැබු මැති ඇමැති දේපළවලට වන්දි – දැනටමත් 15කට ගෙවලා

මට තාම සල්ලි ලැබුණේ නැහැ – අනෙක් අයට ලැබිලා.. ඇමැති සනත් නිශාන්ත ආයි ගහන්න ආවොත් පොලියත් එක්ක වන්දි ගෙවන්න වෙයි -අපි දැන් ගේමට බැහැල ඉවරයි.. ඇමැති ප්‍රසන්න රණතුංග ඉකුත් වසරේ මැයි 09 රටපුරා දේශපාලනඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය ආරම්භ කර ඇති බවත් පසුගිය රජයේ දේශපාලනඥයන් 15 කට ආසන්න පිරිසකට වන්දි මුදල් ගෙවා ඇති බවත් දිවයින පුවත්පත ජුලි 18 දින වාර්තා කර ඇත. නිවාස සහ දේපළ විනාශයට පත්වූ දේශපාලනඥයන් 72 දෙනකු වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට මේ වනවිට අනුමැතිය ලැබී ඇති බවත් අදාල පුවත්පත වාර්තා කර ඇති අතර ඇතැම් දේශපාලනඥයන් සිය දේපළ විනාශවීම සම්බන්ධයෙන් රක්‍ෂාවරණ වන්දි විශාල ප්‍රමාණයක්ද ලබාගෙන ඇති බවත් පුවතේ සදහන් කර ඇත. අදාල විනාශ වු දේපළ, නිවාස සහ භාණ්ඩවල වටිනාකම තක්සේරු කිරීම සඳහා විශේෂ කණ්ඩායම් කීපයක් රජය පත් කර තිබුණු අතර එම කණ්ඩායම් අ...
හිටපු නීතිපතිට ගෙවන්න සල්ලි නැතිකමින්, අවුරුදු 11ක් අසාධාරණයට ලක් වූවෙක්ගේ දුක් ගැනවිල්ලක් මත, මහේස්ත්‍රාත්වරියගෙන් නිදහස!
Politics

හිටපු නීතිපතිට ගෙවන්න සල්ලි නැතිකමින්, අවුරුදු 11ක් අසාධාරණයට ලක් වූවෙක්ගේ දුක් ගැනවිල්ලක් මත, මහේස්ත්‍රාත්වරියගෙන් නිදහස!

නඩුවකට නීතිඥයෙකු ලෙස ඉදිරිපත් වීමට හිටපු නීතිපතිවරයෙකු ඉල්ලු ඉහළ ගාස්තුව ගෙවාගන්නට බැරි වූ නිසා අවුරුදු 11ක් තිස්සේ අධිකරණයට යන්නට සිදු වූ තාරක මිනිනාථ නම් හිටපු ගුවන් තොටුපොළ නිලධාරියාගේ දුක් ගැනවිල්ල අසා, මීගමුව මහේස්ත්‍රාත් දර්ෂිමා ප්‍රේමරත්න මහත්මිය ඔහුව චෝදනාවලින් නිදහස් කිරීමට නියෝග කළාය. මෙයට හේතු වී තිබුණේ එම චෝදනාවන්ටම ලක් වූ සිව්දෙනෙකු අතරින් තාරක එක් අයෙකු පමණක් වීමත්, අනෙක් තුන්දෙනාම මිල අධික හිටපු නීතිපතිවරයාට ගාස්තු ගෙවා, ඔහුගේ පෙනී සිටීම මත නිදහස් වීමය. 2011 අගෝස්තු 10 දින කටුනායක ගුවන් තොටුපළේදී ආගමන විගමන පනත උල්ලංඝනය කරමින්, අවිධිමත් ගුවන් බලපත්‍රයකින් නීතිවිරෝධී ලෙස පුද්ගලයෙකුට ඉතාලි යෑමට පහසුකම් සැලසුවායැයි මෙම තාරක ඇතුළු සිව්දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි. ඔහු 2022 දෙසැම්බර් 28 වැනිදා අධිකරණය ඉදිරියේ විත්තිවාචකයක් ඉදිරිපත් කර තිබුණු අතර, එහිදී රජයේ නීති...
ඊපීඑෆ් සහ වහල් නීති උමතුවට එරෙහිව වෘත්තිය සමිති ඓතිහාසික  එකතුවකට පෙළගැසේ! දැවැන්ත කැළඹීමක් අත ළඟ
Politics

ඊපීඑෆ් සහ වහල් නීති උමතුවට එරෙහිව වෘත්තිය සමිති ඓතිහාසික එකතුවකට පෙළගැසේ! දැවැන්ත කැළඹීමක් අත ළඟ

කම්කරු නීති සංශෝධන සහ ඊපීඑෆ් අරමුදලේ ප්‍රතිලාභ විනාශ වන ආකාරයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීමට එරෙහිව මෙරට වෘත්තිය සමිති විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට පෙළගැසෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ දැවැන්ත ක්‍රියාමාර්ග මගින්, ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කිරීම සඳහා වෘත්තිය සමිති පෙළගැසෙනු ඇත. මෙම ඒකාබද්ධ ක්‍රියාමාර්ගය සඳහා වෘත්තිය සමිති සිය ගණනක ඒකාබද්ධතාව අවශ්‍ය වන බවත්, ඒ සඳහා මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර හමාර බවත් අප සමග අදහස් දැක්වූ වෘත්තිය සමිති ආරංචිමාර්ග පැවසීය. ජුලි 10 වැනිදා වරාය වෘත්තිය සමිති දැවැන්ත උද්ඝෝෂණයකට එක් වූ අතර, ‘රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඊපීඑෆ්/ඊටීඑෆ් ජනතා අරමුදල් බේරා ගැනීමට සටන් කරමු‘ යන තේමාවෙන් යුතුව එම විරෝධතාව පවත්වා තිබේ. ජුලි 11 වැනිදා දහවල් 12.00ට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට වෘත්තිය සමිති කිහිප...