Saturday, December 2

Politics

ඊපීඑෆ් සහ වහල් නීති උමතුවට එරෙහිව වෘත්තිය සමිති ඓතිහාසික  එකතුවකට පෙළගැසේ! දැවැන්ත කැළඹීමක් අත ළඟ
Politics

ඊපීඑෆ් සහ වහල් නීති උමතුවට එරෙහිව වෘත්තිය සමිති ඓතිහාසික එකතුවකට පෙළගැසේ! දැවැන්ත කැළඹීමක් අත ළඟ

කම්කරු නීති සංශෝධන සහ ඊපීඑෆ් අරමුදලේ ප්‍රතිලාභ විනාශ වන ආකාරයෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කිරීමට එරෙහිව මෙරට වෘත්තිය සමිති විශාල ප්‍රමාණයක් ඒකාබද්ධ ක්‍රියාමාර්ගවලට පෙළගැසෙමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි කාලසීමාව තුළ දැවැන්ත ක්‍රියාමාර්ග මගින්, ආණ්ඩුවට විශාල බලපෑමක් එල්ල කිරීම සඳහා වෘත්තිය සමිති පෙළගැසෙනු ඇත. මෙම ඒකාබද්ධ ක්‍රියාමාර්ගය සඳහා වෘත්තිය සමිති සිය ගණනක ඒකාබද්ධතාව අවශ්‍ය වන බවත්, ඒ සඳහා මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර හමාර බවත් අප සමග අදහස් දැක්වූ වෘත්තිය සමිති ආරංචිමාර්ග පැවසීය. ජුලි 10 වැනිදා වරාය වෘත්තිය සමිති දැවැන්ත උද්ඝෝෂණයකට එක් වූ අතර, ‘රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඊපීඑෆ්/ඊටීඑෆ් ජනතා අරමුදල් බේරා ගැනීමට සටන් කරමු‘ යන තේමාවෙන් යුතුව එම විරෝධතාව පවත්වා තිබේ. ජුලි 11 වැනිදා දහවල් 12.00ට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට වෘත්තිය සමිති කිහිප...