ලෝක කුසලාන තරගාවලියේ මොරොක්කෝව සමඟ පැවති පළමු තරගයෙන් පස්සේ බ්‍රසීලයට තමන්ව ඔප්පු කරන්නට ලොකු වුවමනාවක් තිබුණා. ඇත්තටම බ්‍රසීලයේ විනීෂියස් ජූනියර්ට ඒ වුවමනාව තිබෙන්නට ඇති.
බ්‍රසීලය 1962න් පස්සේ සාමාන්‍ය වයසින් වැඩිම ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක් සමග හේටි කණ්ඩායමට එරෙහි තරගයට එක් වුණේ අනිවාර්ය ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන්. බ්‍රසීලය පළමු අර්ධයේදී සටන්කාමීව තමන්ව ඔප්පු කළා. ඒත්, තරගයේම විස්තර විචාරයේදී කීවා සේ, දෙවැනි අර්ධය අලස බව කර්කශ විවේචකයන් කියනු ඇති.
පස් වතාවක් ලෝක ශූරයින් වූ බැවින් ඕනෑ තරගාවලියකට දැවැන්ත බරක් කරේ තබාගෙන පැමිණෙන බ්‍රසීලය, ෆිලඩෙල්ෆියා හිදී පැවති මේ තරගයේදී හේටි කණ්ඩායම ගෝල 3-0 ක් ලෙස පරාජය කළා.
මෙම ජයග්‍රහණයත් සමඟ බ්‍රසීලය, මොරොක්කෝවට වඩා ඉදිරියෙන් C කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වුණා.
තරගයේ ආරම්භයේ සිටම බ්‍රසීලය සිය ආධිපත්‍යය පැතිරවූ නමුත්, හේටි කණ්ඩායමද ආරක්ෂක අතින් සාර්ථක වීමට උත්සාහ කළා.
කෙසේ වෙතත්, 23 වැනි මිනිත්තුවේදී බ්‍රසීලය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට මැතිව්ස් කුන්යා සමත් වුණා. ඒක ගෝල රකින්නාගේත් පුංචි අත්වැරදීමක් සමග සිදු වූවක්.
පන්දුව ඉදිරියට රැගෙන ගිය බ්‍රසීල ප්‍රහාරක විනීෂියස්ගේ පා පහර හේටි ක්‍රීඩක ඩෙල්ක්රොයික්ස්ගේ සිරුරේ වැදිලා ආපහු ඔවුන්ගේ ආරක්ෂකයෙකු සහ කුන්යාගේ කකුලේ වැදී ගෝලයට ගියා. ඒක යම් කෙනෙකුට ලකී ගෝල් එකක් විදියට හදුන්වන්න පුලුවන්.
එහෙත්, විනාඩි 36 දී බ්‍රසීලය තමන්ගේ දෙවැනි ගෝලය වාර්තා කළා. ඒ ගෝලයත් විනීෂියස් ජූනියර් විසින් ඉතාම විශිෂ්ඨ විදියට යොමු කරපු පන්දුවක් කුන්යා විසින් ගෝලය වෙත යොමු කිරීමක් වුණා.
ඒත් බ්‍රසීලයට ප්‍රශ්නයක් වුණේ මේ කිසිවක් නොවෙයි. දැනටමත් නේමාර් ඉන්නේ බංකුවේ. මෙවර තරගය වෙනුවෙන් ඔහු පුහුණු කදවුරේ සිට ෆිල්ඩෙල්පියා වෙත පැමිණියේවත් නෑ.
ඔය අතරේ තරගයේ 39 වැනි මිනිත්තුවේදී බ්‍රසීලයේ ප්‍රධානතම ප්‍රහාරකයෙකු වන රෆීනියා ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට සිදු වුණා.
ඔහු වෙනුවට යොවුන් ක්‍රීඩක රායන් පිටියට කැඳවීමට පුහුණුකරු කාර්ලෝ ඇන්චෙලොට්ටිට සිදුවුණා. රෆීනියාට මීළග තරග ක්‍රීඩා කරන්න පුලුවන්ද යන්න සටහන ලියන මොහොත වන විට පැහැදිලි නෑ.
තරගයේ පළමු අර්ධයේ අතිරේක කාලයේදී (45+3 මිනිත්තුව) බ්‍රසීලයේ තුන්වන ගෝලය වාර්තා කිරීමට විනීසියස් ජූනියර් සමත් වුණා.

ලූකස් පැකේටා විසින් යොමු කරපු විශිෂ්ට පන්දුවක් රැගෙන වේගයෙන් ඉදිරියට ඇදුණු විනීසියස්, හේටි දැල් රකින්නා මගහරිමින් ඉතා සන්සුන්ව පන්දුව දැල වෙත යොමු කළා. ඔහු ගෝලය සැමරුවේත් ඒ සන්සුන්කමින්මයි.
මේ බ්‍රසීල කණ්ඩායම වියපත්ම කණ්ඩායම වී තිබුණත්, දෙවැනි අර්ථයේදී ගොඩක් අය කතා කරපු තරුණයන් දෙන්නෙක් එකතු වුණා.
ඒ එංගලන්තයේ බෝර්න්මත් කණ්ඩායමේ රායන් (Rayan) සහ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ එන්ඩ්‍රික් (Endrick) යන සුපිරි තරු දෙදෙනා.
රායන් සහ එන්ඩ්‍රික්
රෆීනියාගේ අඩුව පිරවීම සඳහා පිටියට කැඳවනු ලැබුවේ 19 හැවිරිදි රායන්. 11 හැවිරිදි වියේ සිටම බ්‍රසීලයේ අනාගත බලාපොරොත්තුවක් ලෙස නම්දරා සිටි ඔහු, “මීළඟ අඩ්රියානෝ” කියලා සමහර අය කියනවා. රායන් තමන්ගේ පිපාසාව යම් දුරකට පෙන්නුවා. විශේෂයෙන්ම රායන් හොද ඇසිස්ට් එකක් කළා, එන්ඩ්රික්ට.
එන්ඩ්‍රික් කියන්නේ අනෙක් තරුණයා. 65 වැනි මිනිත්තුවේදී කුන්යා වෙනුවට එන්ඩ්රික්ව කණ්ඩායමට එකතු කළා. ගොඩක් අය කිව්වේ පළවැනි 11 දෙනා අතරේ එන්ඩ්‍රික් ඉන්න ඕනෑ කියලා.

ඒත් මැච් එකට කලිනුත් කාර්ලෝ ඇන්චෙලොට්ටි කියා තිබුණේ, “ඔහුව සුදුසුම වෙලාවට පිටියට කැඳවනවා” කියලයි.
එන්ඩ්‍රික්, 78 වැනි මිනිත්තුවේදී රායන් දුන්න පාස් එකෙන් ගෝල් එකක් ගැහුවා. ඒත් සුළු වෙනසක් නිසා ඔහු ඕෆ්සයිඩ් කියලා පෙනුණා. ඇත්තටම මේ මැච් එකට එන්ඩ්රික්ව දාන්න කීවේ තියාගෝ වෙනුවටයි. තියාගෝ වෙනුවට ඇත්තටම දැම්මේ කුන්යාව. ඒක වැරදි තීන්දුවක් නොවන බව කියන්න වෙන්නේ ඔහු ගෝල් දෙකක්ම ගහපු නිසයි.
ඒත් තරගය මැදදී එන්ඩ්රික්ව මැච් එකට එකතු කිරීමෙන් ඇත්තටම තියාගෝට වඩා එන්ඩ්‍රික් හොද බවක් කාටහරි හිතෙන්න පුලුවන්.
බ්‍රසීලයට තියෙන ඊළග තරගය ස්කොට්ලන්තය එක්ක. දැනට තියෙන එක අභියෝගයක් තමයි මොරොක්කෝවට ඉහළින් පළවැනි වටය අවසාන කරන එක. රෆීනාගේ ආබාධය අවුලක් වුණත්, බ්‍රසීලය යම් දුරකට රිදම් එක හොයාගෙන තියෙන බව කියන්න වෙනවා.
