පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නීති අංශ ප්‍රධානී නීතිඥ චානක සේනානායක විසින් එම පෙත්සම ඉදිරිපත් කර තිබෙන අතර පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.
සිය පෙත්සම මගින් පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති මගින් ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් සිදුවන බවයි.
