පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගගේ දක්ෂතා අගය කරමින් ඔහුව ක්‍රෝපල් නිලයේ සිට සාජන් නිලය දක්වා උසස් කර ඇත.
ඊට අමතරව ගුවන් හමුදාපති එයාර් මාෂල් බන්දු එදිරිසිංහ විසින් අද (අගෝස්තු 05) ගුවන් හමුදා මූලස්ථානයේදී රුමේෂ් තරංග අගයමින් විශේෂ මූල්‍ය ත්‍යාගයක් ඔහුට පිරිනමා ඇත. එමෙන්ම රුමේෂ් තරංගගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න හා භෞත චිකිත්සක ක්‍රෝපල් චන්දිම ගුරුසිංහගේ සේවය අගයමින් ඔවුන්ටද මුදල් ත්‍යාග පිරිනැමීම සිදුකර ඇත.
