ක්‍රිකට් පනත් කෙටුම්පතේ වගන්ති දෙකකට තුනෙන් දෙකක් ඕනෑ

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ පනත් කෙටුම්පතේ ඇති වගන්ති දෙකක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් එම වගන්ති සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හෙවත් තුනෙන් දෙකක ඡන්දයෙන් බව කථානායක ජගත් වික්‍රමරත්න ඊයේ (නොවැම්බර් 12) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දෙමින් කථානායකවරයා ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර එමෙන්ම ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කළහොත් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවද කථානායකවරයා දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පත පාර්ශව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබුණ අතර ඒ සම්බන්ධයෙන් වන කරුණු දැක්වීම්වලින් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මෙසේ කථානායකවරයාට යොමු කර තිබුණි.

Author

Leave a Reply

Related Posts