ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල්, ක්රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතිවරයා වශයෙන් ඊයේ (12) 2027 වසරට අදාළව ඉදිරිපත් කළ අයවැය කථාවේදී ප්රකාශ කළ අද (13) සිට ක්රියාත්මක වන පරිදි සංශෝධනයට ලක්කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට අදාළ නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව ආනයනික හාල්මැස්සන් කිලෝග්රෑමයක් සඳහා මෙතෙක් පැවති රුපියල් 100ක් වන බද්ද රුපියල් 10ක් දක්වා අඩුකර ඇති අතර උම්බලකඩ කිලෝග්රෑමයක් සඳහා මෙතෙක් පැවති රුපියල් 302ක් වන බද්ද රුපියල් 10 දක්වා අඩුකර ඇත. කුඩු නොකළ ආනයනික වියළි මිරිස් සඳහා පැවති රුපියල් 100ක බද්ද රුපියල් 50 දක්වා අඩුකර ඇත.
එමෙන්ම ආනයනික සීනි කිලෝග්රෑමයක් සඳහා පැවති රුපියල් 50ක බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10කින් වැඩිකර ඇත.
