මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වේරහැරට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) මගින් මහජනතාව වෙත වඩාත් කාර්යක්ෂම හා විනිවිදභාවයෙන් යුත් සේවාවක් සැපයීමේ අරමුණින්, එම දෙපාර්තමේන්තුව වේරහැර පරිශ්‍රය වෙත ගෙන යාමට පියවර ගන්නා බව ජනාධිපතිවරයා 2027 අයවැය කතාව ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. ඒ සඳහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමට ද යෝජනා වී තිබේ.

මෙම නව වැඩපිළිවෙළ යටතේ මහජනතාවට එකම ස්ථානයකින් සියලු සේවාවන් සපුරා ගැනීමේ පහසුව හිමිවන බවත්, දෙපාර්තමේන්තුව ආශ්‍රිතව පවතින අක්‍රමිකතා සහ මහජනතාවට සිදුවන රස්තියාදුව අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත් ඔහු ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts