අල්ලස් ගත් රේගු නිලධාරියකු අත්අඩංගුවට

රුපියල් තිස්දහසක අල්ලස් මුදලක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනා මත රේගු ආරක්ෂක නිලධාරියකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද (නොවැම්බර් 12) සවස රේගු ප්‍රධාන කාර්යාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

පැමිණිලිකරුගේ සහෝදරියගේ පුතා හා ඔහුගේ යහළුවෙකු විසින් ජපානයෙන් ගෙන්වන ලද යතුරු පැදි දෙකක් ශ්‍රී ලංකා රේගුවෙන් නිදහස් කරගැනීමට අදාළ ලේඛන පැමිණිලිකරුට ලබාදීම සඳහා එක් යතුරු පැදියකට රුපියල් 15,000 බැගින් රුපියල් 30,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීම එම අත්අඩංගුවට ගැනීමට අදාළ සිදුවීම වේ.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts