ආනයන බදු ව්‍යුහය සරල කිරීම සහ වෙළෙඳාමට අදාළ වියදම් අඩු කිරීමේ අරමුණින් තෝරාගත් භාණ්ඩ වර්ග රැසකට අදාළ සෙස් (CESS) බදු අනුපාත අඩු කිරීමටද රජය යෝජනා කර තිබේ.
ඒ අනුව රේගු භාණ්ඩ වර්ගීකරණයේ තෝරාගත් සංයෝජිත වර්ගීකරණ කේත (HS Codes) පේළි 800කට අදාළ දැනට පවතින සෙස් බදු අනුපාත සියයට 25කින් අඩු කිරීමට නියමිතය.
“ආනයන බදු ව්‍යුහය සරල කිරීම, වෙළෙඳාමට අදාළ පිරිවැය අඩු කිරීම සහ ආර්ථිකයේ තරගකාරිත්වය ඉහළ නැංවීමේ අරමුණින්, තෝරාගත් සංයෝජිත වර්ගීකරණ සංඛ්‍යාංක පේළි 800කට අදාළ දැනට පවතින සෙස් බදු අනුපාත සියයට 25කින් අඩු කිරීමට යෝජනා කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.
මෙයින් අදහස් වන්නේ සියලුම ආනයනික භාණ්ඩවල සෙස් බද්ද අඩු කිරීමක් නොව, තෝරාගත් භාණ්ඩ වර්ගීකරණ කේත 800කට අදාළ අනුපාත සංශෝධනය කිරීමකි.
අදාළ භාණ්ඩ වර්ග 800ක සම්පූර්ණ නාම ලේඛනය අයවැය කතාවේ ඉදිරිපත් කර නොමැත.
