සුවසැරියට නව ගිලන් රථ 100ක් – අයවැය 2027

1990 සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 1,725ක ඉන්දීය ආධාර යටතේ නව ගිලන් රථ 100ක් 2027 වසරේදී එක් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2027 අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ අතර, දේශීය හා විදේශීය ආයතන සහ සංවිධානවල මූල්‍ය දායකත්වයෙන් අවයව බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් කොළඹ ජාතික රෝහල තුළ ස්ථාපිත කිරීමට ද යෝජනා කර තිබේ.

අක්ෂි ආබාධ හේතුවෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදුවන බාධා අවම කිරීමේ අරමුණින් පාසල් සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම සඳහා රුපියල් මිලියන 100ක මුදලක් වෙන් කිරීමට ද අයවැයෙන් යෝජනා කර ඇත.

මීට අමතරව, රොබෝ තාක්ෂණය ආශ්‍රිත ශල්‍යකර්ම (Robotic Surgery) සඳහා වෛද්‍යවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් රාගම වෛද්‍ය පීඨය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

විදේශීය විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවයෙන් එම මධ්‍යස්ථානයේ පුහුණු කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කිරීමට යෝජනා කර ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Author

Leave a Reply

Related Posts