නිරවද්‍යතාවයෙන් ඉහළ කාලගුණ පුරෝකථන ලබාදීමේ අරමුණින් ජයිකා ආයතනයේ ප්‍රධානත්වයෙන් ලැබුණු නවීන ඩොප්ලර් රේඩාර් පද්ධති ස්ථාපනය කිරීමේ කටයුතු 2027 වසරේදී ආරම්භ කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
2027 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
එමෙන්ම, ආපදා අවස්ථාවලදී ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් මිලියන 1,000ක මුදලක් වෙන් කර ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය ආපදා ප්‍රතිචාර උපකරණ ලබාදීමට තවත් රුපියල් මිලියන 500ක් වෙන් කර තිබේ.
මේ අතර, දිවයින පුරා ක්‍රියාත්මක කළ හැකි ඩිජිටල් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 670ක මුදලක් වෙන් කිරීමට ද යෝජනා කර ඇත.
ඒ හරහා ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජනතාවට ඩිජිටල් ගුවන්විදුලි සන්නිවේදන පද්ධතිය ඔස්සේ තොරතුරු ලබාගැනීමේ හැකියාව සැලසෙන බව ජනාධිපතිවරයා පැවසීය.
තවද, දැනට පවතින වෙරළාශ්‍රිත අනතුරු ඇඟවීමේ කුළුණු 77ක් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ගංවතුර, නායයෑම් සහ සුනාමි අවදානම් සහිත ප්‍රදේශ ආවරණය වන පරිදි නව ගොඩබිම් අනතුරු ඇඟවීමේ කුළුණු 120ක් ඉදිකිරීමටත් සැලසුම් කර තිබේ.
ඊට අමතරව බහු ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
