දිස්ත්‍රික් මහ රෝහල් 20ක් අතරින් පළාත් සභා මගින් පාලනය වන මන්නාරම, මුලතිව්, වව්නියාව, කිලිනෝච්චි, ගම්පහ හා අවිස්සාවේල්ල රෝහල් මධ්‍යම රජය යටතට පවරා ගැනීමට අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා යෝජනා කරයි.
ඒ සඳහා පාර්ලිමේන්තුවේ කවුරුන් හෝ විරුද්ධත්වයක් ඇත්නම් කියන්න යැයි විපක්ෂයෙන් විමසූ ජනාධිපතිවරයා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ඇසුවේ මන්නාරම දිස්ත්‍රික් රෝහල රජයට පවරා ගනිමින් වැඩි දියුණු කිරීමට විරුද්ධ ද යන්නය.
එමෙන්ම පළාත් සභා යටතේ එම දිස්ත්‍රික් රෝහල් සංවර්ධනය කිරීමට බැරි බවද, ඒ සඳහා සීමාවක් පවතින බවද පැවසීය.
එසේම ජනාධිපතිවරයාගේ ගම වන තඹුත්තේගම මූලික රෝහලට නවීන පහසුකම් සහිත හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
