කොළඹ තදාසන්න ප්‍රදේශයේ ප්‍රධාන දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා 2027 අයවැයෙන් රුපියල් මිලියන 80,000ක්, එනම් රුපියල් බිලියන 80ක් වෙන් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යෝජනා කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ විෂය පථයට අයත් දුම්රිය ක්ෂේත්රයේ සංවර්ධනය වෙනුවෙන් මෙම ප්‍රතිපාදන යෝජනා කර ඇත්තේ නොවැම්බර් 12 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2027 වර්ෂය සඳහා වන අයවැය කතාවේදීය.
‘දුම්රිය විද්‍යුත්කරණය පිළිබද කොච්චර සිහිනයක් තිබෙනවාද? මන්ත්‍රීවරුන් විදෙස්ගත වෙලා තියෙනවාද? අනේ මෙහෙම එකක් ශ්‍රී ලංකාවට නැහැ නේ කියලා කල්පනා කරලා තියෙනවා. මෙම ව්‍යාපෘතිය ණය නොවී දේශීය අරමුදල්වලින් සිදු කරනවා.‘ යනුවෙන්ද ඔහු යෝජනාව ඉදිරිපත් කරමින් පැවසීය.
ප්‍රධාන දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 1,200කට අධික සමස්ත ආයෝජනයක් සිදුකිරීමට නියමිත බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
දුම්රිය විද්‍යුත්කරණය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය.
“මගී ප්‍රවාහනයේ කොඳු නාරටිය ලෙස සැලකෙන දුම්රිය ක්ෂේත්රයේ සංවර්ධනය රජයේ ප්‍රමුඛතාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, ප්‍රධාන දුම්රිය මාර්ග තුනක් විද්‍යුත්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 1,200කට අධික ආයෝජනයක් සිදු කිරීමට නියමිතයි.”
මෙම වැඩසටහනේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා 2027 වසර වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන ආකාරයද ජනාධිපතිවරයා විස්තර කළේය.
ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට හෝමාගම දක්වා කොටස විද්‍යුත්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 45,000ක්, එනම් රුපියල් බිලියන 45ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මරදාන සිට රාගම දක්වා කොටස විද්‍යුත්කරණය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 16,400ක්, එනම් රුපියල් බිලියන 16.4ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
වෙරළබඩ දුම්රිය මාර්ගයේ මරදාන සිට පානදුර දක්වා කොටස විද්‍යුත්කරණය කිරීම සඳහා යෝජනා කර ඇති ප්රතිපාදනය රුපියල් මිලියන 17,700ක් හෙවත් රුපියල් බිලියන 17.7කි.
ඊට අමතරව ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අනෙකුත් මෙහෙයුම් වියදම් සඳහා රුපියල් මිලියන 900ක් වෙන් කිරීමටද ජනාධිපතිවරයා යෝජනා කළේය.
ඉඩම් අත්පත් කරගැනීම ඇතුළු අනෙකුත් මෙහෙයුම් වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 900ක් ද ඇතුළුව රුපියල් මිලියන 80,000ක් වෙන් කිරීමට යෝජනා කරනවා.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව කොළඹ තදාසන්න දුම්රිය මාර්ග විද්‍යුත්කරණ ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් කෝටි 8,000ක ආයෝජනයක් 2027 වසර වෙනුවෙන් යෝජනා කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මරදාන සිට හෝමාගම, රාගම සහ පානදුර දක්වා දුම්රිය මාර්ගවල විද්‍යුත්කරණ කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
කොළඹ තදාසන්න දුම්රිය මාර්ග විද්‍යුත්කරණය කිරීමේ සමස්ත වැඩසටහන සඳහා අපේක්ෂිත රුපියල් බිලියන 1,200කට අධික ආයෝජනය සහ 2027 වසර සඳහා යෝජිත රුපියල් බිලියන 80ක ප්රතිපාදනය වෙන වෙනම සැලකිය යුතුය.
මේ අතර අධිවේගී මාර්ග, මහාමාර්ග සහ දුම්රිය මාර්ග සංවර්ධනය සඳහා 2027 අයවැයෙන් රුපියල් බිලියන 251ක් වෙන්කර ඇති අතර, නව යෝජනා සඳහා රුපියල් බිලියන 146ක් සහ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ප්‍රවාහන යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණයට රුපියල් බිලියන 90ක්ද ඇතුළුව රුපියල් බිලියන 487ක් වැය කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය.
ඒ අනුව බිමල් රත්නායක අමාත්‍යවරයාගේ විෂය පථයට අයත් ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්රයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා 2027 අයවැයෙන් සැලකිය යුතු ආයෝජනයක් යෝජනා කර තිබේ.
