සපුගස්කන්ද පිරිපහදුවේ බැරල් 50,000 ධාරිතාවය බැරල් ලක්ෂය දක්වා වැඩි කරන බව හා එහිදී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සියයට 100ක අවශ්‍යතාවය සපිරෙන බව අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය.
දැනට ඇති බැරල් 50,000 ක් වන බලාගාරයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ අවශ්‍යතාවයෙන් සියයට 30ක් නම් එම ධාරිතාව දෙගුණයක් කිරීමේදී සියයට සියයක අවශ්‍යතාවය සපිරෙන්නේ කෙසේදැයි ප්‍රශ්නයක් මතුවිය හැකි බවත්, දැනට ඇති පැරණි තාක්ෂණයෙන් යුතු පිරිපහදුව වෙනුවට අලුත් පිරිපහදුවක් ස්ථාපිත කිරීම මගින් එය සිදුකරන බවත් පැවසීය.
මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන ගෙන යෑම සඳහා නල නල මාර්ගයක් ඉදිකරමින් පවතින බවත්, ඊට අමතරව මෙට්‍රික් ටොන් 92,000 ධාරිතාවෙන් යුත් නව ටැංකි ඉදිකරන බවත් ඔහු පැවසීය.
එමෙන්ම මිලියන 16332ක් වැය කරමින් කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ඉන්ධන ගෙන යෑම සඳහා නව නල පද්ධතියක් ඉදිකරන බවත්, ඒ මගින් නැවකින් තෙල් බෑම සඳහා ගතවන කාලය පැය 90 සිට පැය 48 දක්වා අඩු කිරීමට හැකි වන බවත්, ඒ මගින් තෙල් බෑමේදී එක් ධීනක් සඳහා වැයවන ඩොලර් 30,000ක මුදල අඩුකළ හැකි බවත් ඔහු පැවසීය.
