සෝලා ගබඩා බැටරි පැල් බද්දෙන් නිදහස් – අයවැය 2027

සූර්ය බලශක්තිය ගබඩා කිරීම සඳහා යොදා ගැනෙන බැටරි ආනයනයේදී අය කරන වරාය හා ගුවන් තොටුපල සංවර්ධන බද්ද (පැල්) ඉවත් කිරීමට අයවැය කථාව මගින් ජනාධිපතිවරයා යෝජනා කරයි.

ඊට අමතරව වහල මත සූර්ය විදුලි බල පද්ධති අලුතින් ස්ථාපිත කරන ගෘහස්ත පාරිභෝගිකයන්ට බැටරි ගබඩා ධාරිතාවය කිලෝවොට් එකක් සඳහා රුපියල් 25,000 ක සහනාධාරයක් ලබාදෙන බවද, එම සහනාධාරය කිලෝවොට් 10ක් දක්වා උපරිම රුපියල් 250,000 ක් දක්වා ලබාදෙන බවද, ඒ සඳහා රුපියල් මිලියන 3500ක මුදලක් වෙන්කර ඇති බවද තවදුරටත් පවසයි.

Author

Leave a Reply

Related Posts